නිරංජණී ෂන්මුගරාජා මෙරට රංගන ක්ෂෙත්රයේ කැපී පෙනෙ රංගන ශිල්පිණියකි. ඇය වැඩසටහන් ඉදිරිපත්කරන්නියකි. එමෙන් ඇය දෙමළ සමාජය තුළින් සිනමාවට පැමිණී රංගන ශිල්පිණියකි. රුක්මණී දේවියගෙන් පසු අපට සිනමාවේ හමුවන්නේ නිරංජණී ෂන්මුගරාජාය. ඇය සහභාගීවූ සම්මුඛ සාකච්ජාවකින් කොටසක් මේ දිනවල සමාජමාධ්යතුළ සැරිසරමින් තිබේ. ඇය එහි කතාකරන්නා වූ මාතෘකාව මේ රටේ සංහිදියාව වෙනුවෙන් වැඩ කරන කිසිදු දේශපාලකයකුවත් කතානොකරන තරම්ය. භාෂාව සන්නිවේදනයේදී මෙන්ම අපේ ජීවිත තුළ ඇති කළහැකි වෙනස පිළිබඳ ඇය අපූරුලෙස සිංහල භාෂාවෙන් පවසයි.
මේ නිරංජනී ෂන්මුගරාජා විසින් එම වැඩ සටහනේ දී කළ ප්‍රකාශයයි
"නෙල්සන් මැණ්ඩෙලා ගේ කතාවක් තියෙනවා අපි කාගෙ හරි මව්භාෂාවකින් කතාකරනවා කියන්නේ කාගේ හරි ඔලුවට නෙමේ මනසට කතාකරනවා හා සමානයි කියලා .දැන් අද මම ඔයත් එක්ක සිංහලෙන් කතාකරන නිසා තමයි ඔයාගෙ ඔලුවට කළින් ඔයාගේ මනසට යන්නෙ ඒක සමාජයක ජන වර්ග රැසක් සමග අපි ජීවත්වෙනකොට තනි පුද්ගලයින් හැටියට ඒක වගකීමක්.මම දෙමළ කාන්තාවක් විදිහට මම දෙමළ ඉගන ගෙන මගේ මව්භාෂාව දෙමළ වීම හරි. හැබැයි නුවන ලබාගන්න එක මගේ කැමැත්තක්.මම උත්සාහ ගන්න ඔිනෙ මට මොකද්ද ඔිනෙ මම මොකද්ද ලබාගන්න ඔිනෙ මගේ අදහස් සමාජය සමග බෙදාගන්න මොකද්ද මගේ අඩඩුපාඩුව කියලා.
එක රටක් ඇතුළෙ අපි ලගම ඉන්න පුද්ගලයා එක්ක කතාකරන්න අපි එයාගේ භාෂාව ඉගෙන ගන්න අපි කැමති නැහැ. හැබැයි රටින් පිට තියෙන හින්දි ජැපනීස් ෆ්‍රෙන්ච් චයිනීස් මේකට ලැන්ග්වේජස් කියලා ලස්සන නමක් දාගෙන ඒවා ඉගෙනගෙන අපි මහ පොරවල් වගේ මේ සමාජෙ ගැවසෙනවා කව්රුහරි ළමයෙක් කියනවද මම ඒලෙවල්ස් වලට ලැන්ග්වේජස් වලට ටැමිල් කළා ඒ වගේම තමා දෙමළ ළමයෙක් කියන්නැහැ මම තෝරගත්තා සිංහල කියලා.මම ශී‍්‍ර ලාංකිකයෙක් හැටියට සුහදව ජීවත්වෙන්න නම් සාමයෙන් ජීවත්වෙන්නනම් මට මේ රටේ ජාතික භාෂාව වන සිංහල භාෂාව දැනගැනීම මගේ වගකීමක් පුරවැසියෙක් විදිහට
සිංහල පැත්තෙන් ගන්නවනම් සමහරවිට අනවශයයි කියලා හිතන්න පුළවන් රටක් ඇතුළෙ මනුෂ්‍යන් හැටියට ආයුබෝවේවා වනක්කම් කියන එකේ බැඳීම වැඩියි නේ අපි අපේ රට ඇතුලෙ තියෙන භාෂා ඉගෙන ගන්නෙ නැතුව අපිට බැහැ කාටවත් ඇගිල්ල දිගුකරලා කියන්න එයාලා නිසා අපිට මේක සිද්ධවුනා කියලාතමේ ප්‍රශ්න නිසා මට මේක කරගන්න බැරිවුනා කියලා.භාෂාව නිසා මට කරගන්න බැරිවුනා කියලා කියන්න බැහැ. ඒක තම තමන්ගේ වැරැද්ද" .
https://www.facebook.com/1583792758/videos/10218631329006100/