ලංකා බණ්ඩාරනායකගේ මහසෝනා කාන්ස් කෙටි චිත්රපට උළෙලේ ප්රදර්ශණය කිරීමට තෝරාගෙන තිබේ. ලංකාවේ කෙටි චිත්රපට නිර්මාණකරුවන් අතර ලංකා බණ්ඩාරණායක ඉදිරියෙන්ම සිටී. ඇය වරින් වර කරනු ලබන නිර්මාණ අන්තර්ජාතික කෙටි චිත්රපට උළෙලවල් නියෝජනය කරනු ලබන අතර ඇය ලංකාදීප පුවත්පත සමග කරන ලද සාකච්ජාවක් මෙසේ උපුටා පළකරන්නෙමු.
"ඕනෑම නිර්මාණකරුවෙක් කාරියක් චිත්රපටයක් කරන්නේ ප්රේක්ෂකාගාරයක් වෙනුවෙන්ග ඒ චිත්රපටයට පාදක වෙන සමාජ දේශපාලනික කාරණා ගැන සජීවී සංවාදයක් වෙනුවෙන්ග උළෙලකට චිත්රපටයක් තේරෙනවා කියන්නේ අපට වෙනමම පුද්ගලිකව උත්සාහ කරන්න බැරි ප්රේක්ෂකාගාරයකට චිත්රපටය ගෙනියන්න ලැබෙනවා කියන එකයි. ඒ වගේම ඒ ලැබෙන අවධානය නිසා තවත් කීප තැනක චිත්රපටය පෙන්න ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ චිත්රපටයට ලැබෙන ප්රේක්ෂකාගාරය වැඩිවෙනවා. ඒ අර්ථයෙන් මේ උළෙලට මගේ චිත්රපටය තේරීම ගැන මම සතුටුවෙනවා.
ලංකාවේ හොඳ කෙටි චිත්රපට ගොඩාක් හැදෙනවා. මම රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන නිසා ගොඩාක් අලුත් දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණකාරිනියන්ගේ කෙටි චිත්රපට රැසකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. මේ නිර්මාණ බොහොමයක් කවුරුවත් දකින්නේ නෑ, කෙටි චිත්රපට වෙනුවෙන් ප්රේක්ෂකාගාරයක් නැතිකම ලංකාවේ ලොකු අඩුවක්. ඒක ගැන ඇත්තටම කනගාටුයි.
මම 1998 වසරේ ඉඳලා රංගන ශිල්පිනියක් හා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් විදිහට නිර්මාණවලට දායක වෙලා තිබුණත් කෙටි චිත්රපට අධ්යක්ෂණයට පිවිසෙන්නේ 2016 වසරේදී ඒ 'සම්ප්රදාය' කියන කෙටි චිත්රපටය හරහා. ඒ කෙටි චිත්රපටය කළාට පස්සේ මට පැමිණි ප්රශ්නය තමයි මේක. දැන් මම කොහේද පෙන්වන්නේ කියන එක. ඊට පස්සේ තමයි මම අන්තර්ජාතික සිනමා උළෙලවලට යන්න උත්සාහ කළේ.
ඒ උත්සාහය සිතුවේ නැති විදිහට සාර්ථක වුණා. චිත්රපටය අන්තර්ජාතික උළෙලවල් 50 කට ආසන්න ප්රමාණයක පෙන්නන්න අවස්ථාව ලැබුණා. වගේම සම්මාන කිහිපයක් ද දිනා ගන්නත් පුළුවන් වුණා.ඒ ලැබුණු අවධානය නිසා ලංකාවෙන් ගොඩාක් අවස්ථා ලැබුණා. චිත්රපටය පෙන්වා ගන්න මේ වන විට මම කෙටි චිත්රපට 5 ක් අධ්යක්ෂණය කර තිබෙනවා.
මගේ කෙටි චිත්රපට සියල්ලම මගේ පුද්ගලික මහන්සියෙන් ප්රේක්ෂකාගාර සොයා ගෙන ගිහින් පෙන්නුවේ. ඒත් හැම නිර්මාණකාරියකටම එහෙම කරන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම දීර්ඝ චිත්රපට වගේ කෙටි චිත්රපටයක් තනිවම සිනමාශාලාවක ප්රදර්ශනය කරන්න හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසා කෙටි චිත්රපට වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්රියාත්මක විය යුතු වෙනවා.
ලෝකයේ බොහෝ රටවල කෙටි චිත්රපට වෙනුවෙන්ම විතරක් උළෙලවල් වාර්ෂිකව පැවැත්වෙනවා. සිනමාශාලාවල දීර්ඝ චිත්රපට සමග කෙටි චිත්රපටත් පෙන්වන වැඩපිළිවෙලවල් ක්රියාත්මක වෙනවා. ඊට අමතරව චිත්රපට නරඹන්න කැමැති අය වෙනුවෙන් විවිධ රටවල්වල පුස්තකාල වෙනමම අංශ පවා පිහිටලා තියෙනවා. ඒවා ප්රායෝගිකව ඕනෑම රටකට තමන්ගේ රටේ චිත්රපට රසිකයන් වෙනුවෙන් කළ හැකි දේවල්.
ඒත් ලංකාවේ අතරින් පතර කෙරෙන උළෙලවල් කිහිපයක් හැරෙන්න වෙන කිසිම විදිහකින් චිත්රපට ප්රේක්ෂකාගාරය පුළුල් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙළක් නැති එක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. එහෙම වැඩපිළිවෙළක් නැතිකම නිසා ලංකාවේ බොහොමයක් තරුණ දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණකාරිනියන්ට තමන්ගේ නිර්මාණවලට ප්රේක්ෂකාගාරයකට ගෙනියන්න නොහැකිවෙලා තියෙනවා. ඒ නිසා විධිමත් වැඩපිළිවෙළක් කෙටි චිත්රපට වෙනුවෙන් ලංකාවේ ඇති කරන්න පුළුවන් නම් තවත් ගොඩාක් හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙන්න ඒක උදව්වක් වෙයි.