(2002) බවයි. ඇය ඉතාලි චිත්‍රපටවල සිට පසුව ඇමරිකානු චිත්‍රපට සහ ප්‍රංශ චිත්‍රපට සඳහා සංක්‍රමණය වීය.ඇයට දැන් 57 කි. එහෙත් බෙලූචි වසරක් පාසා ලෝකයේ ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඇය දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පිළිගැනීමට ලක්ව ඇත. වයස අවු.50 ට පසුවත් ඕනෑම ආකාරකින් කාන්තාවකට අලංකාර විය හැකි බව ඇය ආදර්ශයක් සපයයි. නිළිය ඇගේ වයස ගැන ආඩම්බර වේ. දිනක් ඇය මෙසේ පැවසුවාය. " මට කිසිම දෙයකට නැවත අවු.20 ට යාමට අවශ්‍ය නැත.”
මොනිකා බෙලූචි අන්දොලනාත්මක වූයේ 2004 දී,තම දියණිය දේවා බිහිකිරීමට ගර්භණීව සිටියදී ඉතාලි වැනිටි ෆෙයාර් හි සමිපූර්නයෙන් නිරුවතින් පෙනී සිටි නිසාය, ඒ විෂමලිංගික යුවළයන්ට සශ්‍රීක ප්‍රතිකාර ලබා දීම සීමා කරන සහ තනිකඩ කාන්තාවන් හෝ සමලිංගික යුවළයන් ඉන් බැහැර කරන ඉතාලි නීතියට විරෝධය දක්වමිනි,
‘‘අලංකාරය යම් කුතුහලයකට ආරාධනා කරන බව මම දනිමි. එහෙත්, ඔස්කාර් වයිල්ඩ් පැවසූ පරිදි එම කුතුහලය පවත්වා ගැනීමට ඔබට වෙනත් කිසිවක්
ආදේශක නොමැති නම් ඒ අලංකාරය ඔබේ සිතේ රැදෙන්නේ මිනිත්තු පහක් පමනි. ග මම හිතන්නේ නැහැ මම ලස්සන නිසා මම මේ වෘත්තියක් කරාවි කියලා.මොකද අධ්යක්ෂවරු මට කියන්නේ 'බෙලූචි මෙි ඔබේ අලංකාරය නිසා නොවෙි ඔබේ දක්ෂතාවය නිසාය'
ඔබේ පෙනුම ඔබට කවදා හෝ බාධාවක් වී තිබේද?
ඔව්, ඇත්ත වශයෙන්ම .විශේෂයෙන් මම විලාසිතා ව්‍යාපාරයෙන් පැමිණි නිසා. එය ද්විත්ව ගැටළුවක් විය. විලාසිතා සහ අලංකාරය මෙම වෘත්තිය සමඟ ඇති කර ගත හැකි නරකම දේ වේ. මොකද මම ලස්සනයි හැමෝම හිතන්නේ මම මෝඩයි කියලා.නමුත් එය වෙස් මුහුණක් වැනි වන අතර එය පිටුපස වෙනත් දෙයක් ඇති බව පෙන්වීමට ඔබ වෙස්මුහුණ බිඳ දැමිය යුතුය.ඔබව සොයා ගැනීමට අනෙක් අය පැමිණීමට ඔබ කවුරුන්ද යන්න පෙන්විය යුතුයි.
‘‘ සමහරවිට ඔවු‘...
ඇත්තටම?
මට ගවේෂණය කිරීමට අවශ්‍යයි. කවුරුහරි නව අදහසක් හෝ අවදානම් දෙයක් කිරීමට මා ගැන උනන්දු නම් මම එය කරන්නෙමි. මම බොහෝ ආන්දෝලනාත්මක තත්වයන් ගෙන එන චිත්‍රපටයකට කැමතියි. මගේ අත්දැකීම් අනුව මම චිත්‍රපට කළ සෑම අවස්ථාවකම ඔවුන් මේ ආකාරයේ තත්වයක් නිර්මාණය කලා. ඉර්වර්වර්සිබල් (Irréversible) , ද පැෂන් ඔෆ් ද ක්‍රිස්තුස්, මලේනා(Malèna) ඒවා ඉතා සිත්ගන්නා සුළුයග මනුෂ්‍යත්වයේ අඳුරු පැත්ත ගවේෂණය කිරීමට මම කැමතියි. ඒ නිසයි මම තවම නිළියක් ලෙසින් කටයුතු කරන්නේ.
වරින් වර එම පැරණි චිත්‍රපට නැවත බැලීමට ඔබ කැමතිද?
'නෑ.. මට කවදාවත් දෙවරක් චිත්‍රපටියක් බලන්න බැහැ. මන්ද මම Malèna දුටු නිසා එය නැවත දැකීම විහිළුවක්' .
ඔබේ සැමියා වන වින්සන්ට් කැසෙල් ද නළුවෙකි. ඔහු තිරයේ චරිතයක් බවට පරිවර්තනය වීම දැකීම කෙසේද?
"මෙස්රීන් දුටු විට මම සැබවින්ම කම්පනයට පත් වූනා. ඇත්තෙන්ම එහි විශිෂ්ට රංගනයක් දුටු නිසා. මට ඔහුව හඳුනාගත නොහැකි වුනා. ඔහු එහි එක් කොටසක සිරගෙදර සිටින තම දරුවන් සමඟ කතා කරන විට මම හිතුවා ඔහු තමාගේම දරුවෙකු සමග හැසිරෙන්නේ කොහොමද කියලා නමුත් ඒ හැරුණු විට එය ඇත්තෙන්ම සුන්දර වූ අතර එතරම් විශිෂ්ට රංගනයක්."
ඔබේ දරුවන් එසේ ඇති දැඩි කිරීම දුෂ්කර ද?
"නැහැ"
ඔබේ දියණියන් ඔවුන්ගේ දෙමව්පියන් ජීවත්වීම සඳහා කරන්නේ කුමක්ද යන්න තේරුම් ගෙන තිබේද?
"නැහැ.මෑතකදී මගේ දුව මට කිව්වා අම්මේ මට ඔයා වගේ වෙන්න ඕන මට වැඩ කිරීමට අවශ්‍ය නැහැ මට මවක් වීමට අවශ්‍යයි. මම වැඩෙන විට මගේ දුව රැකියාවට යනවා. මම වැඩ කරන්නේ නැහැ
ඇය එසේ සිතන නිසා මට සතුටුයි මොකද ඇය හිතන්නේ මා රැකියාවක් කරන්නේ නැහැ කියලා ඇය කිව්වා , ජීවිතය ලස්සනයි, අපි නිතරම හෝටල්වල සහ ගෙවල්වල ඉන්නවා, ඒක නියමයි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ කියන්නේ මම ඇය සමඟ නිතරම ඉන්නවා කියන එක.
දවසක ඇය රංගනයට එක්වේවිද?
මම හිතන්නේ නැහැ
ඇයි?
මන්ද එය විශේෂ කාර්යයක් .නමුත් ඇය මට නයිට්වරයකු වීමට අවශ්‍ය යැයි පැවසුවහොත් මම එපා යැයි නොකියන්නේ ජීවිතයේ ආශාවක් තිබීම සුන්දර යැයි මා සිතන බැවින් ඇගේ ආශාව රඟපෑමට නම් ඇය එය කළ යුතුයි.
සියල්ලටමම පසු සියළු දෙනාම තනි පුද්ගලයින්?
ඔව්, ඇයට එය අවශ්‍යයි හෝ ඇයට අවශ්‍ය නැහැ. ඇයට ආශාවක් තිබේ නම් එය විශිෂ්ටයි. නමුත් එය එතරම් අපහසු කාර්යයක් නෙමේ. ලස්සන නමුත් දුෂ්කරයි. ඇයට බොහෝ දේ සමඟ කටයුතු කිරීමට සිදුවේයි. ඔබට ව්‍යාපාරයෙන් පැමිණෙන දෙමව්පියන් නොමැති විට මෙම කාර්යය කිරීම වඩා හොඳයි. වින්සන්ට්ගේ පියා නළුවෙක් වන අතර ඒ නිසා ඔහුට තමාගේ අනන්‍යතාවය සොයා ගැනීම එතරම් පහසු වුනේ නැහැ
ඔබේ පවුල සමානද?
මම සම්පූර්ණයෙන්ම වෙනස් පවුලකින් පැමිණියේ. එය පහසුයි. නමුත් ඔබ නළු නිළියන් සිටින පවුලකින් පැමිණි විට සැසඳීම සාමාන්‍ය දෙයක් වන අතර එය ඔබට ඉතා අපහසු විය හැකියි මම දන්නවා වින්සන්ට ඔහුගේ පියා නිසා තමාගේම ස්ථානයක් සොයා ගැනීමට සටන් කිරීමට සිදු වූ බව
ඔබේ සැමියා වන වින්සන්ට් කැසෙල් ද නළුවෙකි. ඔබ දෙදෙනා ඔබේ වැඩ සහ චිත්‍රපට ගැන සාකච්ඡා කරනවාද?.
'කිසිසේත් නැත. වින්සන්ට් සහ මම සිටින්නේ වෙනස් ලෝක දෙකක. මම ඔහුගේ මිතුරන් දන්නේ නැහැ. ඔහු මගේ මිතුරන් දන්නේ නැහැ. අප එකම පුද්ගලයින් නොවෙි. අපට එකම ජීවිතයක් නොමැත. වරෙක මම මගේ ලෝකයෙන් පැමිණිනෙමි, එවිට.ඔහු ඔහුගේ ලෝකයෙන් පැමිණේ.අපි එකිනෙකා මුණගැසෙමු. නමුත් අපි වෙනස් ආකාරයක සතුන් දෙදෙනෙක්. මම එතරම්ම ස්වාධීන වන අතර ඔහු ද එතරම්ම ස්වාධීනයි. එබැවින් එකට සිටීමට ඇති එකම ක්‍රමය එය යැයි මම සිතමි.
උපාලි ජයසිංහගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන සංස්කරණය කරන ලද්දකි