Barbie චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විට ඩොලර් බිලියනය ඉක්මවා තිබෙනවා.
අමෙරිකාව සහ කැනඩාව තුළ මෙය ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 460 ක ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජාත්‍යන්තරව බාර්බි ප්‍රදර්ශනයට ගෙන මේ දක්වා ලැබූ ආදායම ඩොලර් මිලියන 572ක් වන බවයි.
ඒ අනුව වෝනර් බ්‍රදර්ස් සමාගම නිෂ්පාදනය කරන ලද බාර්බි 2023 වසරේ දෙවැනිට ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
උපුටා ගැනීම hiru news