ජනප්‍රියතම දකුණු ඉන්දීය රංගධරයා ලෙස හදුන්වන රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ‘Jailer’ චිත්‍රපටය අද (10) සිනමා ශාලා වෙත මුදා හැරෙනවා.
එය බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි හාස්‍ය - ක්‍රියාදාම චිත්‍රපටයක් බවයි කියන්නේ. චිත්‍රපටය වෙනුවෙන් දකුණු ඉන්දීය රජිනිකාන්ත් ලෝලීන් ඊයේ රාත්‍රියේ සිට සිනමා ශාලා අසල එක්ව සිටි බව කියනවා. ප්‍රවේශ පත්‍ර පෙර මිලදී ගැනීමද වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.
එය ඊයේ දිනය වන විට ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවා ගොස් ඇති බවයි කියන්නේ. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ක්‍රියාදාම චිත්‍රපටය දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂාවලින් එකවර සිනමා ශාලා වෙත නිකුත් කෙරෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රියංකා මෝහන්, ශිව රාජ්කුමාර්, ටමානා භාතියා, රම්‍යා ක්‍රිෂ්ණන්, යෝගි බාබු , වසන්ත් රවි, විනායකන් සහ මලයාලම් නළු මෝහන්ලාල්ගේ විශේෂ ආරාධිත රංගනයක් ඇතුළුව විශිෂ්ට රංගන ශිල්පීන් පිරිසක් එක්ව සිටිනවා.
2021 වසරේ තිරගත වූ ‘Annaatthe’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසු රජිනිකාන්ත් රිදී තිරයට නැවත පැමිණීම සනිටුහන් කරන්නේ මේ වාර්තාගත ‘Jailer’ සිනමාපටය යි.
‘Jailer’ සඳහා වන රසික ආකර්ෂණය කෙතෙක්දයත් චිත්‍රපටය නිකුත්වීම රසිකයින් අතර පමණක් නොව රජිනිකාන්ත්ගේ උපන් ප්‍රාන්තයේ සේවා ස්ථානවලද උද්යෝගයක් ඇති කර තිබෙනවා. චෙන්නායි, කර්ණාටක සහ බැංගලෝර් හි සමහර කාර්යාල චිත්‍රපටය නිකුත් කරන දිනයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ නිසයි.
හෙට දිනයේ දී ‘Jailer’ නැරඹීම සඳහා සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට නොමිලේ ටිකට්පත් ලබා දී ඇති බව ද වාර්තා වෙනවා.
‘Jailer’ ඉන්දීය රුපියල්. කෝටි 200 ක වියදමකින් නිපදවා ඇති බවයි කියන්නේ.
මෙම චිත්‍රපටය නිල වශයෙන් 2022 පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කර තිබුණේ ‘තලෙයිවර් 169’ ලෙසයි. ඒ මෙම සිනමා නිර්මාණය රජිනිකාන්ත්ගේ 169 වැනි චිත්‍රපටය වන නිසයි. අනතුරුව එය යලි ‘Jailer’ ලෙස නම් කරනු ලැබුවේ 2022 ජුනි මාසයේ දී යි.
උපුටා ගැනීම
WION