1973 වසරේ හමුදා කුමන්ත්රණයකින් චිලී රටේ ‘‘සැල්වදෝරේ අයන්ඞ්’’ බලයෙන් පහ කළ ‘‘ජෙනරාල් පිහෝෂේ’’ ගේ සොල්දාදුවන් ඝාතනය කළ ජනතාවාදී ගායක ‘‘වික්ටර් හාරා’’ ට 2009 වසරේදී යුක්තිය ඉටුවිය. චිලී ජනතාවාදී ගායක ‘‘වික්ටර් හාරා’’ මිය යන මොහොතේදී කුරුටු ගෑ කවි පද පෙළ
‘‘භීෂණය ගයන්නට බල කළ කල්හී...
කෙතරම් අසීරුද ගීතයක් ගයන්නට
මම ජීවත්වන භීෂණය...
මම මියයන භීෂණය...’’
(වොෂින්ටන් පෝස්ට් පුවත්පතට - නිකී මිරෝස් ලියූ ලිපියක පරිවර්තනයකි - 2015)
ලතින් ඇමරිකාවේ එක් අඳුරු සීතල යුද්ධයක් පැවති කාලයක සිදුවූ අපරාධ පිළිබඳ විමසුම යළිත් එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාවේදී දිග හැරුණි.
1973 වර්ෂයේදී ජනතාවාදී ගායක ‘‘වික්ටර් හාරා’’ වද හිංසා වලට ලක්කර මරා දැමූ ‘‘පිහෝෂේ’’ ආණ්ඩුවේ හිටපු නිලධාරියකුට එරෙහිව නඩුවක් ඉදිරියට ගෙනයාම සඳහා එක්සත් ජනපද විනිසුරුවරයකු අනුමැතිය දුන්නේය. ‘‘චිලී’’ රටේදී නීත්‍යානුකූල නොවන ආකාරයට බලය යොදවා හමුදා ආණ්ඩුවක් පිහිටුවීමේදී එහි නායකත්වය ගනු ලැබුවේ ජෙනරාල් ‘‘ඔහස්ටො පිහෝෂේ’’ ය. ඔහුට එම කුමන්ත්රණකාරී මෙහෙයුමට සහාය වූයේ එක්සත් ජනපදයයි.
‘‘ජෙනරාල් පිහෝෂේ’’ චිලී රටේ පාලනය සියතට ගත් පසුව ඒ රටේ ජනතාවාදී ගායක ‘‘වික්ටර් හාරා’’ දරුණු වද හිංසාවලට ලක්කර මරා දමනු ලැබීය.
අවුරුදු 17 ක් තිස්සේ පැවැති මිලිටරි පාලනය යටතේ මරා දමන ලද ‘‘වික්ටර් හාරා’’ නැමති ජනතාවාදී ගායකයාගේ මරණයෙන් සංකේතවත් වන්නේ එම පාලන කාලය තුළ මරා දමන ලද 3000 ක් වූ ‘‘චිලී වැසියන් සහ බලය යොදවා අතුරුදහන් කළ අසරණ මිනිසුන්ගේ අධ්‍යාත්මය වාතලයට මුසුවූ ශෝචනීය සමුදීමේ සංවේදී කතාන්දරයයි.
‘‘හාරා’’ ඇතුළුව මරණයට සහ වධහිංසාවට ලක්වූ මිනිසුන්ගේ ඛේදවාචකය ‘‘පිහෝෂේ’’ ගේ පාලන කාලය තුළදී මුළුලොවම කම්පාවට පත්කරවමින් ධවල භීෂණයේ අරුත මේ යැයි පසක් කළ අතර දැන් යළිත් ඒ ඝාතකයින්ට සිය සැ ඳෑසමයේදී දඩුවම් විදීමේ අවස්ථාව උදාවෙමින් පැවතියේය.
2012 වර්ෂයේදී හිටපු සොල්දාදුවන් කිහිප දෙනෙකුටම ‘‘හාරා’’ ගේ මරණ සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ඉදිරිපත් කෙරුණු අතර අණදෙන නිලධාරියෙකු සහ අසරණයින් මරාදැමීමට තුවක්කුවේ කොකා ගැස්සුවකු ලෙස කටයුතු කළ හිටපු ලූතිනන්වරයකු වූ ‘‘පෙඞ්රෝ බැරියන්ටොස්’’ ‘‘හාරා’’ ගේ මරණයට වගකිවයුත්තකු ලෙස නීතිය හමුවට පමුණුවා ඇත.
1989 වර්ෂයේ සිට මධ්‍යම ෆ්ලොරීඩාවේ නිහඩ ජීවිතයක් ගත කළ ‘‘බැරියන්ටොස්’’ එහි මාධ්‍ය වාර්තාවලට අනුව එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන ඇත.
‘‘වික්ටර් හාරා’’ ගේ වැන්දඹුව වන ‘‘ජොආන් හාරා’’ විසින් ‘‘බැරියොන්ටොස්’’ ට එරෙහි නඩු පැවරූ අතර එම නඩුව ‘‘ඔර්ලන්ඩෝ’’ හී ෆෙඩරල් විනිසුරුවරයකු හමුවේ එක් නඩුවක්ද, ‘‘චිලී’’ රටේ උපරමාධිකරණයේ අනුමැතියෙන් චූදිතයෙකු එම වරද කළ අවස්ථාවේ සිටි රටට බාර එම චූදිතයා බාරදීම යන කාරණය යටතේ ‘‘බැරියෝටෝස්’’ ද එම රටට බාරදීම සඳහා අවසරය ලැබුණි.
1973 වසරේ චිලියේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණය සිදුවූ කාලය තුළදී ‘‘වික්ටර් හාරා’’ ප්‍රසිද්ධ ගීත රචකයකු නාට්‍ය අධ්‍යක්ෂකවරයකු විය. ඔහු එවකට චිලී ජනාධිපතිව සිටි ‘‘සැල්වදෝර් ඇලන්දේ’’ ගේ ආධාරකරුවකුද විය.
‘‘සැල්වදෝර් ඇලන්දේ’’ එවකට ‘‘චිලී’’ රටේ සමාජවාදී ජනාධිපතිවරයාය.
‘‘සැල්වදෝර් ඇලන්දේ’’ බලයෙන් පහ කළ ජෙනරාල් ‘‘පිහෝෂේ’’ ගේ හමුදා භටයන් ‘‘වික්ටර් හාරා’’ ව සොයාගෙන විශ්ව විද්‍යාල භූමියට පිවිසුණේය. ‘‘හාරා’’ එහි ශිෂ්‍යයින් සහ මහාචාර්යවරුන් මෙන්ම වාමවාදී ක්රියාකාරකයින්ද වටකරගෙන සංවාදශීලීව සිටියේ වරෙක ගීත ද ගායනා කරමින් සිටියේ පාපන්දු ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රචලිතව තිබූ ‘‘චිලී’’ ක්‍රීඩාංගණයේය.
‘‘හාරා’’ පැහැරගෙන ගිය සොල්දාදුවන් එහි සිටි බිම් මහලේ පිහිටි වධකාගාරයකට ගෙනයන ලදුව වධහිංසා පමුණුවා මරණාසන්න තත්ත්වයකට පත්කරනු ලැබීය.
දින කිහිපයකට පසුව ‘‘සන්තියාගෝ’’ ද ‘‘චිලී’’ නගරයට ආසන්නයේ පිහිටි කනත්තක තිබී ‘‘වික්ටර් හාරා’’ ගේ මළසිරුර සොයා ගනු ලැබීය. ඔහුට 44 වතාවක් වෙඩි තබා තිබුණි. රයිෆල් කදවල් වලින් එල්ල වූ ප්‍රහාර වලට හසුවී ඔහුගේ ගිටාරය සුනු විසුණු වී ගොස් තිබුණි. ‘‘හාරා’’ සමග මරණයේ අබියසට පැමිණි දිවි ගලවාගත් අයෙකු ‘‘හාරා’’ අවසාන මොහොතේදී කුරුටු ගෑ කවියක් ගෙනැවිත් ‘‘හාරා’’ ගේ බිරිඳට දී තිබුණි.
‘‘භීෂණය ගයන්නට බල කළ කල්හී...
කෙතරම් අසීරුද ගීයක් ගයන්නට...’’ ඔහු ලීවේය.
‘‘මම ජීවත්වන භීෂණය. මම මියයන භීෂණය...’’
2009 වසරේදී මෙම අනභිභවනීය ගායකයාගේ මෘතදේහය යළිත් ගොඩගනු ලැබූ අතර එය යළිත් ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් මිහිදන් කරනු ලැබීය.
‘‘චිලී’’ රටේ පමණක් නොව මුළු ලතින් ඇමරිකාව තුළම විශ්වවිද්‍යාල ආදියෙහි ‘‘වික්ටර් හාරා’’ ගේ රුව ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් අතින් නෙලන ලද අතර ඔහුගේ ප්‍රතිරූපයෙහි කීර්තිය දසත පැතිරුණි.
‘‘හාරා’’ මැරූ මිනීමරුවන් සෙවීම උගහට වුවද චිලී රටේ ජනාධිපතිව සිටි ‘‘මිෂෙල් බැචෙලෙට්’’ ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වමින් ජෙනරාල් පිහෝෂේ යුගයේදී සිදුවූ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම දිගින් දිගටම ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵල කෙමෙන් දෘශ්‍යමාන වන්නට විය.
1973 චිලී ගායකයාගේ ඝාතනයට වසර ගණනාවක්ම නිසල හිනමනාවකින් ආවරණය වී තිබූ හමුදා එම අහීන ඝාතනයට වගකිව යුතු හිටපු හමුදා නිලධාරීන් එකින් එක අත්අඩංගුවට පත්වූයේ ඉතිහාසය මළවුන්ට සාධාරණත්වය ඉෂ්ට කරමින්ය. ‘‘වික්ටර් හාරා’’ ගේ බිරිඳ ‘‘ජොආන් හාරා’’ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වෙනුවෙන් සැන් ෆ්රැන්සිස්කෝහී යුක්තිය සහ වගවීම සඳහා වූ මධ්‍යස්ථානය විසින් හමුදා නිලධාරී ‘‘බැරියෙස්ටොස්’’ ට එරෙහිව නඩු පවරනු ලැබීය.
2013 වසරේදී සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ ‘‘හාරා’’ ගේ බිරිඳ ‘‘ජොආන්’’ කියා සිටියේ තමන් එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මූල්‍ය වන්දියක් නොව තම සැමියාගේ ඝාතනයට වගකිවයුතු ‘‘බැරියෙස්ටොස්’’ වගවීමට අවශ්‍ය පමණක් බවය.
මෙම ලිපිය ලියන ලද ‘‘මිරොන්’’ යනු ‘‘වොෂින්ටන් පෝස්ට්’’ පුවත්පත් ලතින් ඇමරිකානු වාර්තාකරුවාය. එක්සත් ජනපද මෙක්සිකෝ මායිම් භූමි සිට දකුණු ඇමරිකාවේ දකුණු දිග කේතුව දක්වා ආවරණය වන භූමි කලාපය ‘‘මිරෝෆ්’’ ගේ වාර්තාකරණයට හසුවෙයි. ‘‘මිරෝෆ්’’ 2006 වර්ෂයේ සිට ‘‘වොෂින්ටන් පෝස්ට්’’ පුවත්පතේ කතෘ මණ්ඩලයේ සේවය කරනු ලැබුණි.
රංජිත් ජයසූරිය