නුසේර් යස්සින් යනු ඊශ්‍රායෙලයේ ඉපදී හැදී වැඩුණු අරාබි ජාතිකයෙකි. අරාබි, හෙබ්‍රෙව් සම්භවයක් ඇත්තෙකු හැටියටද සලකයි. ඔහු බොහෝ කාණ්ඩ අතර ප්‍රසිද්ධ 'නස් ඩේලි' අරාබි-ඊශ්‍රායල ව්ලොගර්, ෆේස්බුක් ගිණුම, ටික් ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා පිටු හේතුවෙනි.
ඊශ්‍රායල පුරවැසිභාවය ඇති පලස්තීන අරාබි ජාතිකයෙකු ලෙස හඳුන්වන යස්සින් මේ දිනවල වඩාත් අවධානය දිනා ඇත්තේ පලස්තීන - ඊශ්රායෙල සටන් හේතුවෙන් සිදු වන විනාශය පිළිබඳව ප්‍රසිද්ධියේ එළිදක්වන වීඩියෝ නිසාය. ඔහු අවසානයට නිකුත් කළ වීඩියෝව මේ වන විට ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති අතර කුඩා දරුවන් ඇතුළුව සිදු වන මිනිස් ඝාතන සහ ජීවිත අවදානම් මේ වන විට දෙරටේම දෛනිකව ඉහළ යමින් තිබේ.
මෙම වීඩියෝව යූටියුබ් වෙබ් අඩවිය පමණක් නැරඹිය හැකි වීඩියෝවක් වන අතර මෙම ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය.