තමන් ගාල්ල කොටුවේ පිහිටි ලේන්බාන් වීදියේ නිවසේ වසර 40කට වැඩි කාලයක් ගත කළ අතර එම නිවස හැර යාමට සිදු වූ බව ප්රවීණ ගේය පද රචක රත්න ශ්රී විජේසිංහයන් පවසයි.
සිය බිරිඳ නැති වූ කල ඈ සමග විසූ නිවස නැති වීම ඉතා සුළු දෙයක් බවත් ජීවිතයේ ඇති වූ ප්රශ්න හමුවේ නිවස අත්හැරීමට සිදු බවත් ඔහු පැවසූයේ 'මතක පද' යූ ටියුබ් වැඩසටහනට සහභාගි වෙමිනි.
තමන් වර්තමානයේ ලේන්බාන් වීදියේ නිවස පිහිටි දෙස නොයන අතර එය දැන් තෙමහල් මන්දිරයක් වී ඇති බව හෙතෙම එහිදී හෙළි කළේය.