ඉන්දීය සිනමා නිෂ්පාදකවරියන් අතර සුප්‍රසිද්ධ මුහුණක් වන සුහාසිනි මනිරත්නම් ජනප්‍රිය වන්නේ රංගනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදක සහ ලේඛිකාවක වීම හේතුවෙන්ම නොව මනිරත්නම් යන විශිෂ්ට අධ්යක්ෂවරයකුගේ බිරිඳ වීම, කමල් වැනි සදාතන සලකුණක් වන සිනමාකරුවෙකුගේ නෑදෑකම ඉන්දීය දෙමළ සිනමාවේ ආකර්ෂණීය මුහුණක්ද වීම හේතුවෙනි.
මනිරත්නම්ගේ සිහින ව්‍යාපෘතිය වන පොන්නියින් සෙල්වන් චිත්‍රපටය නිර්මාණය කිරීමේදී අධ්‍යක්ෂක මනිරත්නම්ට මුහුණ දීමට සිදු වූ බාධක අතර සුහාසිනීද සිට බව මනිරත්නම් මෑතකදී කළ සංවාදයකදී හෙළි කර තිබිණි. ඔවුන්ගේ 'ඉරුවර්' චිත්‍රපටය මෙන් මෙම චිත්‍රපටයද අසාර්ථක වේ යන බිය වූ ආකාරය මෙසේ බාධාවක් වූ බව මනිරත්නම් හෙළි කර තිබිණි.
සුහාසිනි පොන්නියින් සෙල්වන් සෑදීමට ඇයගේ තිබූ අකමැත්ත ගැන මෙසේ පවසා තිබිණි. "මම ඔහුට (මනිරත්නම්) බාධාවක් වී තිබුණා. මම මුල ඉඳලම එයාට කිව්වා 'ඒක (පොන්නියින් සෙල්වන්) කරන්න එපා' කියා. රාජ්‍යයේ ඉතිහාසය සහ දේශපාලනය ගැන අප කළ 'ඉරුවර්'ට වූ දේ ගැන මම සිටියේ කලකිරීමෙන්. චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාරය ගැන මට ලොකු කලකිරීමක් තිබුණා.
චිත්‍රපටයේ රචකයා මමයි, දෙබස් ලිව්වේ මමයි. 'මං හිතන්නේ අපේ මිනිස්සුන්ට සම්ප්රදායයි ඉතිහාසයයි ඕන නෑ. ආදර කතා දීලා අමතක කරලා දාන්න' කියලා මම කිව්වා. ඒක තමයි මගේ ආකල්පය. එයා ඒක කරන්න හදන හැම වෙලාවෙම මම එයාට කිව්වා මාව ඒකෙන් අයින් කරන්න කියලා. ඉරුවර්ගේ ප්‍රතිචාරයම ලැබෙයි කියලා මම බය වුණා. නමුත් මම සම්පූර්ණයෙන්ම වැරදියි."
ඉරුවර්
ඉරුවර් යනු 1997දී මනිරත්නම් විසින් රචනා කරනු ලැබ අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. චිත්‍රපටයේ දෙබස් රචනය සඳහා මනිරත්නම් යොදාගෙන තිබුණේ සුහාසිනි, චිත්‍රපටයේ චරිත නිරූපණය කළ නළුවන් වන මොහාන්ලාල් සහ ප්‍රකාශ් රාජ්‍ය. තමිල්නාඩු හිටපු මහඇමතිවරුන් වන එම්. කරුණානිධි, එම්.ජී. රාමචන්ද්‍රන් සහ ජේ. ජයලලිතාගේ ජීවිත ආශ්‍රිතව නිර්මාණය වූ මෙම චිත්‍රපටය එහි ඇති වූ දේශයේ ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව අවධානය යොමු කර තිබූ චිත්‍රපටයට ප්රේක්ෂකයන්ගෙන් හෝ දේශපාලන පක්ෂවලින් එල්ල වන ප්‍රතික්‍රියා වළක්වා ගැනීම සඳහා ඉතිහාසයේ ඇතැම් කොටස්වලින් බැහැර කිරීමට සිදු වුවද චිත්‍රපටය තවමත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද සංස්කෘතික සම්භාව්‍ය චිත්‍රපටවලින් එකක් ලෙස සැලකේ.
වසර ගණනාවකට පසු චිත්‍රපටය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වුවද තිරගත වන අවස්ථාවේදී චිත්‍රපටය බොහෝ විවේචනවලට මුහුණ දුන් අතර එම්. කරුණානිධි සහ ජේ. ජයලලිතා යන දෙදෙනාම චිත්‍රපටය තම ජීවිතයට අදාළ බව සෑම විටම ප්‍රතික්ෂේප කළහ. මෙම චිත්‍රපටය මෝහන්ලාල් සහ ප්‍රකාශ් රාජ්ගේ හොඳම රංගනයන්ගෙන් එකක් ලෙස සලකනු ලබන අතර නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පළමු චිත්‍රපටයද හැටියට හඳුන්වනු ලබයි.
පොන්නියින් සෙල්වන්
සුහාසිනිගේ මුල් අකමැත්ත උඩ බාධාවක් සිදු වුවද, අධ්යක්ෂ මනිරත්නම් අවසානයේ ඔහුගේ විශිෂ්ට චිත්‍රපටය නිර්මාණය කළේය. ඔහුගේ කොටස් දෙකකින් යුත් චිත්‍රපටයක් වන පොන්නියින් සෙල්වන් - 1 සහ පොන්නියින් සෙල්වන් - 2 විශාල බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. එය 16 වැනි ආසියානු සිනමා සම්මාන උලෙළේදීත් ප්‍රධාන නිර්දේශ හයක් ලබා ගත් චිත්‍රපටයකි.