50 SHADES OF DARKER
ආරම්භය:
ධනවත් ව්යා පාරිකයෙකු වන ක්‍රිස්ටියන් ග්‍රේ තරුණයා සහ ඇනස්ටාෂියා ස්ටීල් නම් යොවුන් කාන්තාව අතර ඇති වන්නා වූ කුහුල දනවන ආදර අන්දරය, බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වන ඊ.එල්. ජේම්ස් විසින් ලියා තබයි.
2015 ජුනි මාසය වනවිට ලොව පුරා භාෂා 52කට පරිවර්තනය වෙමින් පිටපත් මිලියන 125 ක් අලෙවි වෙමින්, බ්‍රිතාන්‍යය තුළ එතෙක් මෙතෙක් ශීඝ්‍රයෙන්ම අලෙ වි වූ පොත ලෙසින් වාර්තා තබන්නට Fifty Shades of Grey කෘතිය සමත් වෙ යි. එලෙ සින්ම ඒ පාදක කරගනිමින් නිර්මාණය වූ Fifty Shades of Grey චිත්‍රපටය ද ලොව පුරා බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමීමට සමත් වෙයි.
මෙතෙක් කතාව:
ඇනස්ටාෂියා ස්ටීල්ට ක්‍රිස්ටියන් මුණගැසෙන්නේ අහම්බෙනි. කෙසේ හෝ එම ප්‍රථම හමුවීම කෙතරම් ප්‍රබල වන්නේද යත්, ඇනාට තම සිතින් ක්‍රිස්ටියන් ඉවත් කරගැනීමට නොහැකි වන අතර, ක්‍රිස්ටියන් ඇනා පසුපස ලුහුබඳිමින් තව තවත් මුණගැසීම් නිර්මාණය කරයි. ඉන්ප සුව සිදුවන සිදුවීම් දාමයක් හරහා දෙදෙනා ළං වන අතර, අවසානයේදී ඔවුන් දෙදෙනාම තමන්ට එකිනෙකාව අවශ්‍ය බවට එකඟ වෙති. එවිට ක්‍රිස්ටියන් සම්බන්ධයෙන් වෙනත් අයෙකු නොදන්නා රහසක් ඔහු විසින්ම හෙළිදරවු කරයි. ඔහු පරපීඩා කාමුකයෙකි! මෙයට හේතුව වන්නේ ඔහු නව යොවුන් වියේදී පරපීඩා කාමුක කාන්තාවකගේ ලිංගික වහලෙකු වීම නිසාවෙන් වන අතර, දැන් ඔහුට අවශ්‍ය වන්නේ ඇනස්ටාෂියා තමන්ගේ ලිංගික වහලිය බවට පත් කරගැනීමටයි. කෙසේ නමුත් ඇනස්ටාෂියා ඔහු හා සම්බන්ධතාවක් ගොඩනඟාගැනීම ප්‍රතික්ෂේප කර පිටව යයි.
නැවත සමාදානය කරා:
Fifty Shades Darker පූර්ව ප්රචාරක පටයේ එන පරිදි ඇනස්ටාෂියාට මෙන්ම ක්‍රිස්ටියන්ට ද එකිනෙ කා නැතිව හිඳීම අපහසු බව පෙනේ . එහෙත් ඇනස්ටාෂියා තවදුරටත් අර පළමුවෙනි Fifty Shades of Grey චිත්‍රපටයේ දක්නට ලැබුණු අයුරේ යටහත් පහත්, ඉක්මනට බයවෙන ගෑනු ළමයා නොවන බව පෙනෙයි. ඈ මේ වනවිට බොහෝ ස්වාධීන කාන්තාවක්ව සිටින්නීය. උදාහරණයක් ලෙස ක්‍රිස්ටියන් විත් ඇනස්ටාෂියා රාත්‍රී ආහාරයට රැගෙන යන්නට විමසන විට ඈ කියන්නේ "මම ඔයත් එක්ක එන්න ම්, හැබැයි ඒ මට බඩගිනි නිසා විතරයි" යනුවෙනි. අවසානයේ බිල ගෙවන්නේ ද ඇනස්ටාෂියාමය.
මෙය ක්‍රිස්ටියන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද වෙනසකි. ඒ අනුව පළමු චිත්‍රපටය පුරාම හැදෙන ''ආධිපත්‍යය පතුරුවන්නා - ඊට යටත්වන්නී'' යන බල සම්බන්ධතාව මෙහිදී වෙනස් වී තිබේ. එහෙත් මේ අලුත්, ඉවසිලිවන්ත,ආදරයට නැඹුරු වන ක්‍රිස්ටියන්ට ඒ වෙනසත් සමග ඇනස්ටාෂියා දිනාගත හැකි වනු ඇතිද?
අතීතයෙන් මතුවී එන අබිරහස් අඳුරු සෙවණැලි පළමු Fifty Shades of Grey චිත්‍රපටයේදී අපට කිසිදු චරිතයක, විශේෂයෙන්ම ක්‍රිස්ටියන්ගේ අතීතය ගැන කිසිදු හෝඩුවාවක් ලැබෙන්නේ නැත. සියලු දෙනා ජීවත්වන්නේ වර්තමානයේය. ඒ කෙසේ වෙතත් Fifty Shades Darker පූර්ව ප්රචාරක පටය නරඹන විට වැටහෙන්නේ මේ චිත්‍රපටය සැබැවින්ම 'ඇනස්ටාෂියාට හා ක්‍රිස්ටියන්ට තමන්ගේ ආදරය මල්ඵල ගන්වන්නට හැකිද?' වැනි සරල කතාවකට එහා ගෙනයන්නට අධ්යක්ෂවරයාට/කතුවරියට වුවමනා වී ඇති බවයි. ඒ සඳහා ක්‍රිස්ටියන්ගේ අතීතයෙන් මතුවන අඳුරු සෙවණැලි හඳුන්වාදෙයි. එපමණක් නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වර්තමානයට පැමිණෙන ක්‍රිස්ටියන්ගේ අතීතයට මුහුණදෙන්නට ඇනස්ටාෂියාට සිදු වෙයි. දැන් මතුවන සැබෑම ප්රශ්නය වන්නේ අඳුරු සෙවණැලි අතීතයක් ඇති ක්‍රිස්ටියන් හා අනාගතයට මුහුණ දෙන්නට ඇනස්ටාෂියාට හැකිවේද යන්න යි?
Text: Pathum Punchihewa