ෆේස්බුක් හි මේ වනවිට එකම පුද්ගලයෙකු අරඹයා අතිශය පෞද්ගලික කාරණයක් ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ දේ ලියමින් සිටී. මේ වනවිට විවිධ බ්ලෝග් සහ පිටු මගින් වික්ටර් රත්නායකගේ රුපය පාවිච්චි කරමින් විවිධා කාර පෝසට් පළ කර තිබේ.
ලෙළුම් රත්නායක විසින් තම පියා අරඹයා කළ ප්‍රකාශය සමග විවෘත සංවාදයකට බඳුන් වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ප්රශ්නය දෙස ෆේස්බුක් සමාජ සංස්ථාව හුදෙක් බලා තිබුනේ වික්ටර් රත්නායකයන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය තුළ ඔහුගේ විවාහය සාධාරණී කරණය කරමිණි. මිනිස් සිත් තුළ හටගන්නා හැගීම් සම්බන්ධව අපට ප්‍රශ්න කළ නොහේ. මන්ද වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහය මේ රටේ රසිකයින්ට ගැටලුවක් නොවන නිසාය. නමුත් මේ විවාහය ආදරය පදනම් කොට ගෙන සිදුවූවක් ද යන්න වෙනම ප්රශ්නයකි. පැහැදිලිවම වයස ආගම ජාතිය ලිංග ආදී කරුණු ආදරය පේ‍්‍රමය ආදී මිනිස් හැගීම් ධාරාවන්ට කොන්දේසි වන්නේ නැත.
වික්ටර් රත්නායකගේ වයස 75 වුවද ඔහු ඔත්පොල වූ අයෙකු නොවේ. ඔහු තවමත් මධුර ස්වරයෙන් ගී ගයයි.
ගැටළුව ඇත්තේ ඔහුගේ වයසේ නොවේ. ලෙලුම් සහ අනෙක් දරුවන්ට අනුව වික්ටර් රත්නායක මේ ආදරය කරන තරුණිය සැබැවින්ම වික්ටර් ආදරය කරන තරමටම වික්ටර් ඇය වෙනුවෙන් පෙනී සිටින තරමටම පෙනී සිටිනවාද යන්නය. ඇය වරක් රත්තරං බඩු සම්බන්ධව එක්තරා බැංකු සේවයේ යෙදී සිටින කාලයේ කරන ලද වංචාවකදී වික්ටර් රත්නායක විසින් විශාල මුදලක් ගෙවා ඇයව එයින් නිදහස් කොට ගෙන ඇත. ඇයගේ දෙමව්පියන්ට ඉඩකඩම් ගෙවල් දොරවල් පවා ලබාදී ඇත.
වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ චිත්‍රා මියගියේ මින් වසර පහලොවකට ආසන්න කාලයකට පෙරය. චිත්රක්කා මවක මෙන් වික්ටර් රත්නායකයන්ව බලා කියා ගත්තාය. ඉන් පසු මෑතකදී පිළිකාවකින් මිය ගිය ශානි ද වික්ටර් අයියාගේ කටයුතු බලා කියා ගත්තේ මවක සේය.
ලෙළුම් ලා ජයන්තලා තාත්තාගේ අඩිපාරේ යමින් සංගීත යම ජන්ීතය කොට ගත්තේය.
මේ වනවිට දරුවන් ට ඇති එකම ගැටළුව මේ ස්ත්‍රිය සිය පියාට සැබැවින්ම ආදරය කොට ඔහුට සමීප වූවාද නැද්ද යන්නය. මන්ද වික්ටර් රත්නායකයන් විසින් උපයාගෙන ඇති ධනය නිසා මෙවන් වයසක තරුණියක වික්ටර් රත්නායක සමග සම්බන්ධවන්නට ඇති බවට බොහෝ සමීප අයගේ අදහස සහ දරුවන්ගේ අදහසය. වික්ටර් රත්නායක ආදරය කරනවා වුවද මේ ගැහැනිය ආදරය නොකරන බව බොහෝ දෙනාගේ අදහසය. වික්ටර් රත්නායකට සැබෑවට ආදරය කරනවානම් දරුවන් මේ ගැහැනියට විරුද්ධවන්නට හේතුවක් නැත. මන්ද පියාව රැකබලාගැනීමට යහපත් ගැහැනිය ඔහු පසු පසින් සිටිනවානම් එය අර්බූදයක් නොවන්නේය.
මේ කාරනයේදී බොහෝ අය වික්ටර් රත්නායකයන්ට හදවතින්ම සහයෝගය දෙන්නේ පේ‍්‍රමය විඳීම ට වයසක් සහ වෙනත් කිසිවක් අදාළ නෙවේයැයි සිතන බැවිනි. පුරුෂ මතවාදීමය සමාජය තුළ පිරිමියෙක් ගේ ආදරය පේ‍්‍රමය ලිංගිකත්වය වෙනුවෙන් සෙසෙු පිරිමි පෙණී සිටිති. මේ එයට කදිම උදාහරණයකි. මන්ද බොහෝ පිරිමි මෙය හෙළා නොදකින්නේ සාමාන්‍ය සිදුවීමක් සේ සලකයා. මේ සාමාන්‍ය සිදුවීමක් සේ සළකා මේ වෙනුවෙන් ෆේස්බුක් හි පෙනී සිටින බොහෝ අය සැබැවින්ම බොහෝ විට ආදරය වෙනුවෙන් පෙනී සිටින වුන්ය. පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වුන්මය. සතුටට කාරණය වන්නේ විකටර් රත්නායක යනු මෙරට අමරදේවයන්ට පසු ගීතයේ මුදුන් මල්කඩක් සේ සලකන වැඩිමි පේ‍්‍රමණීය ගී ගැයූ අදටත් මේ මහපොළවේ වැඩිම රසික ආදරයක් දිනාගත් ගායකයෙකු වීමය.
වික්ටර් රත්නායකගේ දේපල යනු ඔහුගේ ගීතයි. නමුත් ඔහු එක් රැස් කරගෙන ඇති වත්කම් දරුවන්ට අහිමිවේය යන බියෙන් ලෙළුම්ලා කෑ ගහනවාට වඩා තම පියාගේ ආත්මය විනාශ වීමේ භිය හේතුවෙන් මේ වනවිට ලෙළුම් විසින් කර ඇති ප්‍රකාශ දරුවන් ලෙස ඔවුන්ට සාධාරණ වන්නට හැකිය. එහෙත් වික්ටර් රත්නායකයන්ට සිය පෙම්වතියගේ පැත්ත ගන්නට සිදුව තිබෙන්නේ දරුවන් මේ ස්ත්‍රියට දක්වන ප්‍රභල විරෝධය නිසාය. ළෙළුම් සහ ජයන්ත ඇතුළු දරුවනට අවශ්‍ය පියාගේ භෞතික දේපල ද නැතිනම් පියාගේ ජීවිතය යම් දෙයකින් ගලවා ගැනීමද?හිතුවක්කාර තරුණයෙකු සේ වැඩි හිටි බස නොඉවසමින් පේ‍්‍රමය වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින වික්ටර් රත්නායකයින් ට තම ජීවිතයේ වෙනස් තීන්දු තීරණ ගන්නට බොහෝ කල් තව ඉතුරුවී නැත. හොඳ හෝ නරක හෝ වංචාවකට හෝ අවංකත්වයකට හෝ මේ වනවිට වික්ටර් රත්නායකයින් නතු වී සිටී. තරුණ ජීවිතයම සිය කාලය ශ්‍රමය සංගීතය ගායනය වෙනුවෙන් කැප කළ වික්ටර් රත්නායකයින්ට මේ තරුණිය නව ජීවිතයක් ලබා දී ඇතුවාට සැකයක් නැත. ඔහු එයින් උත්කෘෂ්ටයට පැමිණ ඇතුවාට ද සැකයක් නැත. වික්ටර් රත්නායකයන්ගේ ගැටළුව මේ පෞද්ගලික ප්රශ්නය හසුරුවා ගැනීමේ අර්බූදය සමාජ ගතවී ඇත. කලාකරුවෙකු ලෙස අප වික්ටර් රත්නායකයන්ට බොහෝ සේ ප්‍රිය කරන්නෙමු. දශක ගණනාවක් තිස්සේ ඔහුගේ ගීත රස විඳින්නෙමු. හෙට දින සිට අපට ඔහුව මගහැර යා නොහැක. ඔහුගේ පේ‍්‍රමය ඔහුට සාධාරණය දරුවන්ට දරුවන්ගේ ප්රශ්නය සාධාරණ විය යුතුය. දරුවන් මේ ගැටළුව තනිව විසඳා ගත නොහැකිව රසික ජනතාව වෙත බාර දුන්නේ වික්ටර් රත්නායක යම් කිසි ආපදාවකින් ගලාවා ගැනිමේ අරමුණකින් විය යුතුය. දේවාල වලින් වශී ගරුකම් කොට වික්ටර් රත්නායකව අල්ලා ගත්තාද යන්න නොදනිමු. නමුත් ස්ත්‍රී ආකර්ශනය වනාහි තවස් දම් පවා බිඳ හෙලන අරුම පුදුම ආකර්ශණයකි.
ස්ත්‍රී සිරුරට සමාගමට ලිංගික ආකර්ශනයට ලොල්වන මිනිසා ගිනි දැල්ලට රැවටෙන පළගැටියෙකුට ද උපමා කොට තිබේ. සැබෑ ආදරය ලග සියල්ල මුනිවරුන් වෙති. වික්ටර් රත්නායකයන්ගේ පේ‍්‍රමය රාගයෙන් තොර සඳ එළිය සේය කියා අපට කිව නොහැක. නමුත් ඔහුගේම ගීයක පද මෙසේ සටහන් කරන්නෙමි. දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප .... ඇදුරු තුමියයි ජීවිතේ ඔබ ඇදුරු තුමියයි යෞව්වනේ
වික්ටර් රත්නායකගේ ප්රශ්නය අද ෆේස්බුකියේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කරගෙන සිටින්නාවූ සහෘදයණි අපහාස කිරීමෙන් වලකින්න. සෑම විවාහක පිරිමියෙකුටම විවාහයෙන් පරි බාහිර පේ‍්‍රමයන් අනන්තවත් තිබේ. වික්ටර් රත්නායක ජීවිතයේ විවේක සුවය විඳිමින් රසික දනන් සවන් යුග පිනවමින් සිටී. මේ විවේකය ඔහුට දෙන්න. වික්ටර් රත්නායයින් ඔබේ භෞතික සියල්ල දරුවන්ට දෙන්න. ඔබ පේ‍්‍රමයේ අයිතිය විඳින්න. පේ‍්‍රමයෙන් අන්ධ නොවී දෑස් හැර බලා ජීවත්වන්න.
සරා සමරසේකර
සබැදි පුවත්