වික්ටර් රත්නායකයන්,
මෙතෙක් කලක් දවසට තුන් වේලක්,ආහාර ගෙන ඇත..නමුදු ඔහු මේ වේල් තුනෙන් එක වේලක්වත් කනවාදැයි සොයා බැලීමට කිසිවෙකු සිටියේ නැත. කිසිවෙකුට කැක්කුමක් හෝ ඇම්මක් තිබුණේ නෑ කිව්වොත් නිවරදිය.
විශේෂයෙන්ම ඔහු කවුරුන්ද යන්න නැවත සිතා බැලුවොත්, ඔහු ලංකාවේ බිහිවුණ අග්‍රගණ්‍ය කලාකරුවෙකි. අග්‍රගණ්‍ය ගායකයෙකි, අග්‍රගණ්‍ය පද රචකයෙකි, අග්‍රගණ්‍ය සංගීතඥයෙකි.ඒ වගේම ඔහුගේ හරවත් සංකල්ප, හරවත් දේශණ දොරමඩලාව වැනි වැඩසටහන් වලදී මිනිසුන් වැලඳ ගත්තේ දෝතින්මය..
මනුෂ්‍ය වර්ගයා ගැන අපි හොඳින්ම දනිමු.මිනිස් හිත හොඳින්ම හදුනමු.එහෙත් සර්ව සම්පූර්ණ මිනිසුන් මෙන් ඇතමුන් නගන චෝදනා ඇස් කන් පියන් බලා සිටීම අපහසුය.
වික්ටර් රත්නායකයන් තව විවාහයක් ගැන සිතුවා හෝ නැතුවා එය ඔහුගේ ගායනයට කිනම්නම් බලපෑමක්ද? ඉතින් අපට අවශ්‍ය ඔහුගේ සංගීත පැතිකඩ පමණයි නේද? අපට මොකටද ඔහුගේ පෞද්ගලිකත්වය? ඔබටද, මටද, ඔහුටද තම තමන්ගේ පෞද්ගලිකත්වය මත ඕනෑම තීරණයක් ගත හැක.මන්ද යත් ඒ තමන්ගේ ජීවිතය බැවිනි.
සැවොම ඔහුගේ මෙම පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්නේ ඔහු ප්‍රසිද්ධ බැවිනි.එහෙත් අප්‍රසිද්ධ මෙවන් කතා කොතරම්නම් අද සමාජයේ ඇත්ද? එකෙකු හෝ ඒවා පස්සේ යනවාද?
ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාප දුටු කල හිතට නැගෙන්නේ හිරිකිත බවකි.
ඔබ ඔහුගේ වේලක් හෝ කුස පිරවූ අයෙක්නම් ඔහුගේ පෞද්ගලිකත්වය ගැන කතා කලාට කම් නැත.ඒ හැරෙන්නට ඔබට ඔහුට චෝදනා කිරීමට කිසි අයිතියක් නැත..
අපට අවශ්‍ය වික්ටර් රත්නායක නම් ගායකයා මිස, වික්ටර් රත්නායකයානන්ගේ පෞද්ගලිකත්වය නොව!
__________________________________
යතාර්ථයට එහා ගිය උන්මාදය
- කැඩපතට එහා - සුනිඳු ශිරන්ත