ඔහු සිය නාට්‍ය නිර්මාණය කළේ සියලු වර්ගවාදින්ට හා ජාතිවාදීන්ට එරෙහිව ය.
මනුෂ්‍යත්වය තුට්ටුවට දානා එවුන්ට එරෙහිව ය. එහෙත් ඔහුට හිමි සම්මානය දෙන්නේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් බඩගෝස්තරවාදී දේශපාලනය කළ මේ මොහොතේත් ඉන් පෝෂණය වන දේශපාලන සත්වයෙක් ගේ කිළිටි දෑතකිනි.
නිර්මාණකරු ප්‍රතික්ෂේප කළේ දේශපාලන මිනිසා නොව ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් බඩපුරවාගන්නා මිනිසාව ය. අශිෂ්ටයන් පොදු ජනතාවගෙන් තමන් අරභයා ශිෂ්ට හැසිරිම් බලාපොරොත්තු වීම විහිලු සහගත ය. ඔහු ශිෂ්ඨ වන්නේ මේ දේශපාලකයාව හේ ජනතාව ඉදිරියේ එක් විනාඩියකට හෝ භෞතිකව නිරුවත් නොකල බැවිණි. එහෙත් ඔහු ජනතා මනස ඉදිරියේ දේශපාලකයාව ඒ මොහොත තුල සම්පුර්ණ නිරුවත් කලේය. ඇත්තටම එය වැඩකි. ඔහුගේ නාට්‍යයෙන් පවා මිනිසුන්ට දිය නොහැකි මතයක් හේ එක් මිනිත්තුවක් තුල ජනතා මතවාදයක් බවට පත්කර තිබේ. ඔහුට හිමි එම සම්මානය ඔහු මේ දේශපාලන සත්වයාගෙන් ගත්තා නම් ඔහුගේ නිර්මාණය හදවතට එකගව කළ නිර්මාණයක් නොවන බව අපට වැටහිය යුතුව තිබිණි. දැන් අපි දනිමු නිර්මාණකරුවා පෙනී සිටින්නේ සිය නිර්මාණ මෙන්ම ඔහුගේ ජීවිතයද ඒ උතුම් කර්තව්‍ය සාක්ශාත් කර ගැනීම උදෙසාම බව .. ස්තුතියි සහෝදරයා මාගේ මාතෘභුමිය ඔබ වැන්නන් ඉල්ලා සිටි.
උපාලි ජයසිංහ