ලංකාවේ නවකතාකරුවෝ සීරියස්ද?
ලංකාවෙ සිනමාකරුවො හැම දෙනාම හොඳ සිනමා නරඹන්නො, නාට්‍යකරුවො හොඳ නාට්‍ය බොහෝමයක් නැරඹූ අය, ලංකාවෙ කවියො බහුල කවි කියවන්නො, කෙටිකතාකරුවොත් එක්ක කතා කළාම පේනව ඔවුන් හොඳ මට්ටමේ දේශීය වගේම විදේශීය කෙටිකතා සැළකියයුතු ප්‍රමාණයක් කියවූ අය බව.
කෙටියෙන් කිව්වොත් ඒ කලාංගයන් බාවිතා කරන ප්‍රවීන අය අදාල විශයෙහි ප්රාමාණිකයො වගේම අදාල කලාංගයේ ලෝක ප්රවනතා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති අය. ඒ වගේම එකී කලාංගය නිතර අභ්‍යාස කරන අය.
ඒත් නවකතාකරුවො අතර හොඳ නවකතා නිරන්තරව කියවන අය අඩුයි. සමහර අය නවකතා කියවන්නෙ නිකං ලැබුණොත්. නැත්තං තමන්ගෙ පොත සම්මානයක කිසියම් වටයකට තේරුණොත් එහි තේරී ඇති අනෙකුත් පොත්වල තත්ත්වය මැනගන්න ඉතිරිව කියවනව.
හේතුව ඇයි?
සරළව කිව හැකි හේතුව තමයි උඩ දැක්වූ කලාංග රස විඳින්න ගතවන කෙටි කාලය.
ඒකත් එකක් තමයි. හැබැයි ඊට වඩා වැදගත්ම හේතුව වෙන එකක් බවයි මගේනම් හැඟීම.
ඒ තමයි නවකතාකරුවො කීප දෙනෙක් හැරුණු කොට සාතිශය බහුතරය තමන් බාවිතා කරන නවකතාව නම් කලාංගය සීරියස්ව බාර නොගැනීම. රසිකත්වය, තියුණු විචාරක්ෂිය, විශයාන්තර දැනුම හා නිරන්තර අභ්‍යාසය ඕනෑම කලාංගයක් භාවිතා කරන්නෙකුට අත්‍යාවශ්‍ය සාධක සේ ඔවුන් නොසැලකීම.
වැදගත්ම දේ නම් අපිට එහෙම සම්ප්රදායක් නොවුණා නොවීම. අපි එක් යුගයකදී (50 ගණන්වල සිට 80 දශකය මැද වෙනකම්) නවකතාව ඉතාම සීරියස් විදියට බාරගත්ත සමාජයක් වීම. එවැනි නිර්මාණකරුවන් බහුලව විසූ ජාතියක් වීම.
ජනක ඉනිමන්කඩ