සුනිල් ටී චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු තරුණ සිනමාකරුවන්ගේ සිනමා නිර්මාණ පසු නිෂ්පාදන අවදියේදී මිළට ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලැබීය.මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයක හිමිකරුවෙකු වන ඔහු සිනමාවේ නළු නිළියන් පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබිනි.
" ජීවන්, රවීන්ද්‍ර, ක්ලීටස්, සබීතා, ගීතා, අනෝජා, නදීකා වගේ අපට සහය දුන් නළු නිළියන් අදටත් අපට සහාය දෙනවා. ඒත් අද ඉන්න අයගෙන් ඒ සහයෝගය නැහැ. අනෙක අලුත් අයගේ ගණන්. මට නම් ලොකු ගණන් නොකීවාට, චිත්‍රපටයක් හදන අධ්යක්ෂවරයෙක් ලක්ෂ හතළිහ පනහ ගානේ නළු නිළියන්ට දීලා හදන චිත්‍රපට කොහෙද පෙන්වන්නේ. මේ හේතු නිසා මට මේ කර්මාන්තය ගැන සම්පූර්ණ කලකිරීමක් තියෙන්නේ.
එදා නළු නිළියන්ගේ තරු ගුණයක් තිබුණා. ප්‍රතිභාපූර්ණ රංගනයක් කළා. අද අයගේ එහෙම ස්ටාර් ගතියක් නැහැ. මේ අයගේ යටි හිතේ තියෙන්නේ ප්‍රසිද්ධිය සහ කැපිලා පෙනීම. අද අය සාරියට, ඩෙනිමට එන පුදුම නළු නිළියන් ගොඩක් ඉන්නවා. ඒත් රඟපාන්න පුළුවන් අය අඩුයි. මේවා ගැන කතාකරද්දිත් කලකිරීම වැඩි වෙනවා. මේ සිනමාව කඩා හැලෙන්නත් ඒක එක හේතුවක්. ක්ෂේත්රයේ නළු නිළියන් එකසිය පනහක් දෙසීයකට වඩා ඉන්නවා, අපි කතා කරද්දි ඔක්කොම බිසී. අපි චිත්‍රපටයක් හදන්න ගත්තා ජීවිතේ මල් කියලා. ඒකට එක නළුවෙක් නිළියෙක් හොයා ගන්න නැ. ඒපාර මම මේ දැන් ඉන්දියාවෙන් නළුවෙකුයි නිළියකයි ගේන තත්ත්වෙට ඇවිත්.
මෙහෙ නැත්නම් මොකද කරන්නේ. මම රන්ජන් එක්ක තවත් නළුවො තුනයි නිළියෝ හතරයි දාලා චිත්‍රපටය කරන්න සුදේශ් වසන්තට බාර දුන්නා. හැම දේම සූදානම් කරලා දින දාගන්න කතා කරද්දි රන්ජන් කියනවා මම තනි වීරයා කරන කතාවක් කරන්න කියලා. එහෙම සිංගල් හීරෝ කරන්න බැරි නිසානේ හතරක් දාලා කරන්නේ. රන්ජන් තමයි අද ලංකාවේ ඉන්න සුපිරිම නළුවා. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. එයා එන්නේ නැත්නම් ඒ අඩුව පුරවන්න අපි නළුවෙක් ගේන්න එපැයි. වෙන මොකද කරන්නේ
නිළියක් ආවොත් නිළියට නළුවොයි, මුදලාලිලයි ඔක්කොම ලව් කරන්න පටන් ගන්නවා. නිළිය එතනින් ඉවරයි. නළුවෙක් ආවොත් නළුවා වටේම ඉන්න අයට ලව් කරන්න අරගෙන අනාථ වෙලා වනාතමුල්ලේ හැංගෙන්න වෙනවා. චර්යාව නිසා තමයි මේ ප්‍රශ්න.
ශිල්පියෙකුට පුහුණු වෙන්න අභ්‍යාස ආයතනයක් තිබෙනවාද? නැනේ... ඉතින් කොහෙන්ද මේ මිනිස්සු හැදෙන්නේ. අපේ නිළියෝ ඉස්සෙල්ලාම සබන් කැල්ලයි අතයි දානවා ෆිල්ම් එකට. ඒක ප්‍රචාරය කරනවා. කෝ කියලා ඇහුවාම කියනවා අර සබන් කැල්ල අල්ලන් ඉන්න අත මගේ කියලා. ඊට පස්සේ අතයි මූණයි. ඊට පස්සේ තමයි නිළියක් වෙන්නේ. මම තරම් මේ ක්ෂේත්රයේ නිළියන් ගැන දන්න කිසිම කෙනෙක් නැහැ. (සිනාසී) මම එච්චරටම දන්නවා."
අරුණි මුතුමලී සමග කරන ලද සාකච්ජාවකිනි