පාලනය මානවවාදේ. කුරුටුගාමි නාසිවාදේ. අනාගාමි ධනවාදේ. භාෂණය කොමියුනිස්ට්වාදේ. මන්දගාමි දර්ශනවාදේ. පෝෂණය ෆැසිස්ට්වාදේ. අතගාමි ප්රජාතන්ත්රවාදේ. වර්ධනය මුර්ගවාදේ. සකෘදාගාමි අනාගතවාදේ. සාසනය කුලවාදේ. පෙරටුගාමි සමාජවාදේ. කාරණය ආගම්වාදේ. ප්රතිගාමී දේවවාදේ. ධාරණය අභූතවාදේ. ප්රගතිගාමී රසවාදේ. ඝාතනය ස්ත්රීවාදේ.
ගගනගාමී නිම්නවාදේ. භීෂණය තන්ත්රවාදේ. ශීඝ්රගාමී විඥානවාදේ. මර්දනය අරුමැසිවාදේ. පසුගාමී ධ්වනිවාදේ. දූෂණය පානදුරාවාදේ. ඉදිරිගාමී ඩඩාවාදේ. වාරණය සාංදෘෂ්ටිකවාදේ. සමගාමී වර්ණවාදේ. වින්දනය නරිවාදේ.
සිංහයෙක් පැමිණුනා. ගෑනියෙක් ඇමිණුනා.
එක පුතෙක් ඉපදුණා. එක දුවෙක් ලොකු වුණා.
උන් දෙන්නා ළං වුණා. දෙතිස් දරු ඉපදුණා.
විජය ලක පැමිණුනා. කුවේණිත් යට වුණා.
ඉතිහාසේ ලියවුණා. ලක පකේ ඇමිණුණා.
ජාතියක් මතු වුණා. සිංහලේ ඉපදුණා.
කලාවේ සරා. පෘතුගීසි සුරා.
තුලාවේ කිරා. ලන්දේසි ගියා.
ඉංග්රීසි ගුරා. සුදුපාට කරා.
ලංකාව පුරා. අතගාලා ගියා.
ඉතිහාස පාඩම්. දාලා මුඛවාඩම්.
සුද්දා ආවා. වැද්දා නෑවා.
ඔළුවෙ ඇති පනාව. මූණේ කැත හිනාව.
කොල්ල කඩවසම්. ඔළුව වැඩවසම්.
ඩී. එස්. ට මනාප. සුද්දගේ ඉනාව.
නරින්ගේ වාදම්. දැන් කට පාඩම්.
ජාතියේ පියා. හිටි හැටියෙ මරා.
වසන්තය සොයා. ආව පිං පියා.
සඟ වෙද ගොවි ගුරු කම්කරු.
දැනුත් නටන සඟ ගණ මරු.
වෙදකම හෙදකමට මිතුරු.
උන් සුමිතුරු අපි මඟ මරු.
අමුඩෙ ගහන ගොවි රජවරු.
රජකම් කරනවා ද හොරු.
කෙවිටි පහර දෙන ගුරුවරු.
කරුමේ උරුමේ උන් කම්කරු.
යැංකි ඩිකි දාලා. සෙවල බණ්ඩා ආවා.
ලෝකෙට පරකාසේ. ගෙදරට මර ගාතේ.
ඩඩ්ලිගේ බඩේ. මසල වඩේ.
සීනි නැතුව තේ බොන්නම්.
හාල් නැතුව බත් කන්නම්.
මැතිනි අපට කියනව නම්.
පිදුරු වුණත් අපි කන්නම්.
අපි යන්නේ කොයි පාරේ.
ඇන්. ඇම්. ලා ගිය පාරේ.
බණ්ඩා මළා. බණ්ඩි ආවා.
බණ්ඩි යද්දි. බොන්ඩි ආවා.
රටේ ඇටේ වමේ කටේ.
වමේ ඇටේ ගෑනු කටේ.
මල් වට්ටි මාරයෝ. නැව් ගිල්ල සූරයෝ.
සාටක වීරයෝ. චෞරයි රැජිණියෝ.
දියව් දියව්. අපට දියව්.
වරෙව් වරෙව්. එකතු වෙයව්.
ගසව් ගසව්. කැරලි ගසව්.
බිඳිමු බිඳිමු. පවුරු බිඳිමු.
සාදුකින් පෙළන වුන්.
දැන් ඉතින් නැගිටියව්.
අන්තිම සටනට. සැරසියව්.
තෙකලා කලා. කොතලාවල වලා.
සල්ලි ඇලෝසියස්. මල් වට්ටි ලැවේරියස්.
නැව් ගිල්ල ඇසිටේරියස්.
උපා වර්ධන පුකේරියස්. ඇට අටක් ගෙන ජූනියස්.
ඩෙත් ඇන්ඩ් බ්ලයින්ඩ්. ඩී. බී. මයින්ඩ්.
ගූගල් එපා. ඒවා ගූ කතා.
එක රෑනේ පක්ෂක. බැඳුම්කර අක්ෂෙක.
මෙත් පල පක්ෂක. සමනල භක්ෂක.
ඒදණ්ඩ අපේ. පණ්ඩිතයා තොපේ.
බඩුව උඹේ. නඩුව අපේ.
හැන්ඩියා තොපේ. නොන්ඩියා අපේ.
කරඬුව තොපේ. නාඩිය අපේ.
රමණය තොපේ. මරණය අපේ.
තුණ්ඩුව තොපේ. අයිඩෙන්ටිය අපේ.
වණ්ඩුව තොපේ. හුණ්ඩුව අපේ.
වණ්ඩිය තොපේ. මණ්ඩිය අපේ.
රණ්ඩුව තොපේ. උණ්ඩය අපේ.
ආණ්ඩුව තොපේ. පාණ්ඩුව අපේ.
පුංචි අම්මා හිත දීලා. කුඩම්මා රස දීලා.
ලොකු අම්මා ඇහැ දීලා. අම්මා බදු දීලා.
තංගම්මා තං දීලා. සෙල්ලම්මා ශෙප දීලා.
කාලි අම්මා කල් දීලා. වල්ලි අම්මා වල දීලා.
කිරි අම්මා කිරි දීලා. බත් අම්මා කොස් දීලා.
චූටි අම්මා කිස් දීලා. උඹේ අම්මා ඇඳ දීලා.
මගේ අම්මට වද දීලා. ආච්චම්මා චිච්චි දීලා.
ආයම්මා අබ්බා දීලා. උපාසකම්මා මස් දීලා.
බාලාම්මා නිදි දීලා. ආත්තම්මා හාදු දීලා.
අම්මම්මා උම්මා දීලා. තොගෙ අම්මා වස දීලා.
බුදු අම්මා පින් දීලා. පත්තිනි අම්මා පුක දීලා.
ලක් අම්මා බදු දීලා.
ඇමරිකන් ඡන්ද. චීන ජුණ්ඩට වැන්ද.
කුරහං සළුත් ඇන්ද. මකරටම පෙම් බැන්ද.
නවාගෙන කොන්ද. චීනෙ පැත්තට වැන්ද.
හයිවේ සරණං ගච්ඡාමී
ෂැංහයි සරණං ගච්ඡාමී
බීජිං සරණං ගච්ඡාමී
යුවාං සරණං ගච්ඡාමී
පෝට් සිටි සරණං ගච්ඡාමී
මා ඕ සරණං ගච්ඡාමී
සේතුං සරණං ගච්ඡාමී
උපුල් ශාන්ත සන්නස්ගල