Lady Gaga
Lady Gaga සංගීත ක්ෂේත්රයට පිවිසියේ නිවියෝක් විශ්ව විද්‍යලයේ Tisch School of the Arts හි අධ්‍යාපනය ලබා අවසන් කිරීමෙනි. ඒ 2001 වර්ෂයේය. ඇගේ මුල්ම ගීත රචනය ගැයීමට සූදානම්ව තිබියදීත් ප්‍රතික්ෂේප විය. එසේ තිබියදීත් 2019 වන විට ඇය ලෝකයේ අංක එකේ ගායිකාවක් වුවාය. එමෙන්ම ඇය සමාජ සුබසාධනය සදහා අත දිගඇර වියදම් කරන්නියකි. එහෙත් කලා ලෝකයේ අති විශිෂ්ටයන් උදෙසා පිදෙන ඇකඩමි සමිමාන හෝ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ඇගේ නම ඉදිරියේ සටහන්ව නොතිබිණි. මේ අප්‍රතිහත ධෛර්යෙන් අනූන ගැහැණිය ඒ සදහා සටන් වැදුනාය එහි ප්‍රතිපලය වුයේ එකම වසරක එම සම්මාන උළෙල ද්විත්වයේම හොදම ගායකාව ලෙස ඇය ඓතිහාසික සටහනක් තැබීමය ඒ ඇගේ "Shallow" නම් ගීතයටය.
2019 ඇකඩමි සමිමාන උළලේ ඇගේ ගීතයට හිමි සම්මානය ඇය ලබා ගත්තේ ඉහවහා ගිය ප්‍රීතියේ කදුලු මැදින් ය. අනතුරුව ඇය කඳුළු සලමින් කතාවක් කළා ය. මේ ඒ කතාවේ සමහර කොටස් ය.
'' මෙය ඉතා දුෂ්කර කාර්යයක්. ඒ සදහා දිගු කලක් මම වෙහෙස විය. මේ එය කී වාරයක් ප්‍රතික්ෂේප වුනාද යන්න ගැන නොවේ. එමෙන්ම මෙය ජයග්‍රහණය ගැනද නොවේ. වැටෙන වාරයක් පාසා කොතරම් වාරයක් නැවත ශක්තිමත්ව නැගී සිටියාද යන්න ගැනත්. ඔබට සිහිනයක් තිබේ නම් ඔබ සටන් වැදිය යුතුයි යන්න ගැනත් ය .''