පශ්චාත් යටත්විජිතකරණ ලාංකීය ඉතිහාසය යනු ආර්ථික හා වාර්ගික සමානාත්මතාවය තුළින් රාජ්‍යය හැඩ ගැන්වීමට සිදු කරන ලද ජනතා අරගල කෲර ලෙස රාජ්‍යය විසින් මර්දනය කර දැමීමේ ඉතිහාසයයි.
1971 දී හා 1987 - 89 කාලයේදී දකුණේදී ඇති වූ ආර්ථික නිදහස සදහා වූ පීඩිත කැරලි තලා දැමුවාක් සේම වර්ෂ 30 කට අධික කාලයක් උතුරේ ජනාතව විසින් ජාතික නිදහස උදෙසා නගන ලද හඩද තලා දැමූවේ රාජ්‍යය සතු දරුණතම මර්දනීය උපක්‍රම භාවිතා කරමිනි.
ඒ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇත්තේ ප්රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය හා අතුරුදහන් කරන ලද සාමූහික අපේක්ෂාවයි.
සමාජයක් ලෙස එම අශිෂ්ටත්වය අපි අභිබවා යා යුතු වෙමු. 2009 දී අවසන් කරන ලද යුද්ධයේ අවසන් කාලයේදී තම අත් දෙකෙන් රජයේ හමුදාවට භාර කරන ලද තම දරුවන් සොයන මව්වරුන්ගේ හඩට අප සවන් දිය යුත්තේ ඒ නිසාවෙනි. රජයට භාර වූ ඔවුන් සිදූ වූයේ කුමක්ද යන්න උතුරේ ඒ අම්මාවරු සමග අපද එක හඩින් ඇසිය යුතුයි. ඉතිහාසය විසින් සිදු කරන ලද අපරාධ නැවැත්වීමට අප සමත් නොවූයෙමු.
නමුත් මරණයට දක්කන ලද දූ පූතුන් පිළිබද මේ අම්මාවරුන්ගේ සිත් තුළ ඇති වරදකාරීබව සමාජයක් ලෙස අපි බෙදා ගත යුතුයි.
ඉතිහාසය පුරාවට අතුරුදහන් කරන ලද යහපත් සමාජයන් ගැන හීන දුටු එම ගැහැණුන් සහ පිරිමින් වෙනුවෙන් හෘද සාක්ෂියක් ඇති මිනිස් සමාජයක් ලෙස අපි නැවත ඉපදෙමු.
අක්ෂය සාමූහිකය