හදිසි අනතුරකට ලක් වීමෙන් සියොක් චන් වූට සිය දෑතම අහිමි වූවත් එය ඔහුගේ ජීවිතය පසුපසට ඇද දමන්නට තරම් නොවිය.
තම පුතු වෙනුවෙන් අඳින ලද සිතුවමකින් ජීවිතය නැවත ඇරඹු ඔහු මේ වනවිට ප්රකට සිතුවම් ශිල්පියෙකි.
සියොක් චන් තම මුළු සිරුරේම වෙර ගනිමින් චිත්ර නිර්මාණය කරයි.
“කවුරුන් හෝ මගේ දෑත් නැවතත් ලබාදුන්නොත් මම ඒවා ගන්නේ නැහැ. මම මේ විදියට කැමතියි. මම කැමතියි මේ විදියට චිත්ර අඳින්න, ඒවගේම මම තෘප්තිමත්”
මේ ඔහුගේ කතාවයි,
BBC ඇසුරින්