lan englan tam

ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර පාරිභෝගිකයින්ට ලබා දීමේ වැඩපිළිවෙලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර පාරිභෝගිකයින්ට ලබා දීමේ වැඩපිළිවෙලක්

ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program) ශ්‍රී ලංකා නිල නියෝජිත බ්‍රෙන්ඩා බාටෝන් (Brienda Barton) අද අමාත්‍යංශයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු ආමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමු විය.

එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදා හැරීමත් පිළිබඳ වැඩපිළිවලක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහාය ලබා දෙන බව බ්‍රෙන්ඩා බාටෝන් පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාරිභෝගිකයින් ආහාර බෙදා හැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලාව වන ලංකා සතොස හා සමුපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්, මේ මඟින් පාරිභෝගික ජනතාවට සාධාරණ  මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන බවත් එමඟින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.

රජය ක්‍රියාත්මක කර තිබෙන එම වැඩ පිළිවෙලට ලෝක ආහාර වැඩසටහනේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බ්‍රෙන්ඩා බාටෝන් ප්‍රකාශ කළාය.