සුනාමි රළ පහරින් ජීවිත අහිමිවී අදට අවුරුදු 14ක් . හැම වසරකදීම දෙසැම්බර් 26 මළවුන් සමරනවා.
විවිධ අය විවිධාකාරයෙන්. අපි හැමෝම විනාඩි දෙකක් නිහඩව නිශ්ශබ්දව ඉඳලා මේ මිය ගිය හැම කෙනෙක්ම වෙනුවෙන් ගෞරවයෙන් යුක්තව සිහි කැඳවමු.
සුනාමියෙන් අවතැන්ව ජීවත්වන මිනිසුන් තවත් මේ රටේ ඉන්න බව අමතක නොකරමු.
තුවල වූ හදවත් ඇති බොහෝමයක් මේ රටේ ජීවත්වන බව අමතක නොකරමු.
සුනාමියෙන් අනත් අසරණවූ මිනිසුන් තවමත් මේ රටේ ජීවත්වන බව අමතක නොකරමු.
ස්වභාවධර්මයෙන් බැට කෑ මේ ජීවිත ගොඩ නගන්නට ලැබුණු මුදල් සම්පත් ගසා කෑ, හොරා කෑ හොරුන්, තක්කඩියන් සුවසේ ජීවත්වන බවත් අමතක නොකරණු.
අපි මිනිසුන් ලෙස සුනාමියෙන් පීඩාවට පත් සියළු දෙනා වෙනුවෙන් මොහොතක් සිතමු.!
මිරර්ආර්ට්ස් මියගිය සියළු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු