පියුමි හංසමාලිට පහරදීමට එරෙහිව අප ක්‍රියා කළ යුත්තේ කාන්තා හිංසනයටත් වඩා රටේ නීතියට එරෙහිව මානව හිංසනයේ යෙදීම සම්භන්ධවයි. එය කරපු උන් කවුරු වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියුමිගේ අවසරය අවශ්‍ය නෑ. එම අපරාධකරුවන්ට එරෙහිව අප ක්‍රියාත්මක විය යුත්තේ හුදෙක් පියුමිව බේරා ගැනීමට වඩා එහා ගිය රටේ නීතිය,සාමය සහ ශිෂ්ඨත්වය පවත්වා ගැනිම උදෙසා, ප්රචණ්ඩ සමාජයක් ව්‍යාප්තවීමට එරෙහිව වඩා පුළුල් අරමුණකින්. ඒ අනූව පියුමි අපරාධකරුවන් අල්ලන්න එපා කීයන්නේ නම් ඊට සහයෝගය දීම සම්බන්ධයෙන් ඇයවත් අත්අඩංගුවට ගත යුතුයි! අප ඒ සිද්ධිය දැකිය යුත්තේ පියුමිගේ දෘෂ්ඨිකෝණයට වඩා පුලුල් දෘෂ්ඨිකෝණයකින්.
නැවතත් මෙය ද හුදකලා සිදුවීමක් නෙමෙයි, ආබාධිතයින්ගේ ඉඳන් රැග් නමින් විශ්ව විද්‍යාල තුල සිදුවන හිංසනය දක්වාත් තවත් සමාජයේ ඉහලින් සිටින බලපුලුවන්කාරයින් බලයෙන් අඩු පහල ස්ථරවල සිටින මිනිසුන් දක්වාත් මේ විදියටම ප්‍රසිද්ධියේ ප්රචණ්ඩත්වය මුදවා හිරින අතර ඒවා දැන් නීතිය ඉදිරියට ගෙනියන්නැති තරමට අපේ සංස්කෘතියේ අංගයන් වෙලා.
අවසානයේ පියුමි කියලා තිබ්බා තමාට පහරදුන් තම 'ආදරවන්තයා'ව නීතිය ඉදිරියට ගෙනියන් නැතිව හිත හදාගෙන නිහඬව ඔහුගෙන් ඉවත් වීමට තීරණය කළේ ඔහු ඇයට විවිධ උදව් උපකාර කරමින් ඇයව බලාගත්ත නිසා වැනි කතාවක්. මේක තමයි පිරිමි ග්‍රහණයට හසුවුන බොහෝ කාන්තාවන් අවසානයේ කියන්නේ. විශේෂයෙන් අපේ රටේ සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ගේ විශ්වාසයක් තියෙනවා සහ ඔවුන්ව නිර්මාණය කරල තියෙන්නේම පිරිමියෙකුගේ රැකවරණය ආරක්ෂාව නැතුව ස්වාධීනව යැපෙන්න, පවතින්න බෑ කියලා. මේ නිසා තමයි ගැහැණියට විශාල වන්දියක් ගෙවන්න වෙලා තියෙන්නේ. කසාද බැන්දා හෝ නොබැන්දා පිරිමියෙකු හා ආදරයෙන් බැඳෙන්නත්, ලිංගිකව එකතු වෙන්නත් ඔහුගේ පාලනය යටතේ යැපෙන්න අවශ්‍ය නැති බව ‘පියුමිලා’ ඉගෙන ගත යුතුයි. සම්භන්ධයක් පැවතිය යුත්තේ ඊට වඩා සහජීවනයක් මතයි. බොහෝ විට පිරිමියාට ක්‍රමයෙන් තම ගැහැණිය මත ප්රචන්ඩත්වය මුදවාහරින්ට අවකාශ ලැබෙන්නේ මේ පාලනයට දෙන අවසරය හරහායි. පියුමිව හසුරවන්න හා පාවිච්චි කරන්න ඔහු පටන් ගන්නේ මෙතන්ට එන්ඩ බොහෝ කාලයකට පෙරයි.
පියුමිගෙ සිද්ධිය සම්බන්ධයෙන් මේ සමාජජාලාවල විශාල පිරිසක් පියුමිට එරහිව ඕකිට ඔහම වෙලා මදි වැනි ලෙස අදහස් ප්‍රකාශ කරල තිබුණා. පොදුවේ, ඔවුන් කියන්නේ පිරිමියාට තියෙන ලිංගික හෝ සමාජ නිදහස එයාකාරයෙන්ම ගැහැණියට නොතිබිය යුතු බවත් පිරිමියා සේම ඒ නිදහස භුක්ති විඳින ගැහැණිය වේසාවියක් බවයි, එවැන්නියකට ඕනෑම පහත් ආකාරයකින් සැලකුවාට කමක් නැති බවයි. මේ අප අනේක වාරයක් කතා කරලා තියෙන අතිශය සම්මත පිරිමි අදහස බැවින් ඒ ගැන මෙතන නැවත වරක් විවේචනය කිරීම අනවශ්‍යයි. දැනට අපේ පාසල්වල 'හොඳ ගැහැණු ළමයෙක් ඉන්න ඕනෙ විදිය' ලෙසට උගන්වන වික්ටෝරියානු සදාචාරයට අනූව තමයි මේ පියුමිගේ පිරිමියා ඇයට පහර දුන්නේත් එය දැක අනිත් බොහෝ පිරිමි ප්‍රතිචාර දැක්වූයේත්. නමුත් ඒ පිරිමි අදහසට එරෙහිව අපගේ කෝපය හා විරෝධයට වඩා එහා ගිය පිළිතුරක් අවශ්‍යයි. එනම් පිළිතුර ලෙස පුලුල් සමාජ සංශෝධනයක් යෝජනා කළ හැකියි. එය ආරම්භ කිරීමේ හොඳම තැන ලෙසට අපට යෝජනා කරන්න තියෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට, විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදී අදහස් ඉගැන්විය යුතු බවයි. විශේෂයෙන් අධ්‍යාපනය තුලට ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender Studies) පිලිබඳ ඉගන ගැනීම අනිවාර්ය කළ යුතුයි. ඊට අනූව සදාචාරය, සංස්කෘතිය හා ගැහැණිය දෙස බලන ආකාරය ගැන අවබෝධයක් සහ අභ්‍යාසයක් ගුරුවරුන්ටද ඇතුලුව ඉතාම කුඩා කාලයේ සිට පිරිමි ගැහැණු සියල්ලටම ලබා දිය යුතුයි.
ධනංජය කරුණාරත්න