මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි - මනෝහාරී හේවාවසම්
ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජ්‍ය, පෞද්ගලික හා සමාජ මාධ්‍ය නියාමනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ප්‍රවීන මාධ්‍යවේදිනි මනෝහාරී හේවාවසම් අවධාරණය කරයි.
ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිදු කරන සයිබර් කතාබහ “e-Chat” 3 වැනි දිග හැරුමට සම්බන්ධ වෙමිනි.
යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී මාධ්‍ය හැසිරීම කෙබඳු ද? මැයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ සංවාද මණ්ඩපයට මාධ්‍යවේදී ලේඛක විමල් කැටිපේආරච්චි, මාධ්‍යවේදිනි මනෝහාරී හේවාවසම්, මාධ්‍යවේදී සංජය ඇල්විටිගල, පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගී විය.
ඊයේ (17) දින සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ එම වැඩසටහන පහතින්,