lan englan tam

පුවත්

Perusu නමින් ඉන්දීය සිනමාවට එක් වන 'නෙළුම් කුළුණ'

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉලංගෝ රාම් මේ වන විට බෙහෙවින් කතාබහට ලක් වී ඇත්තේ වෙනස් තේමාවක ලාංකේය චිත්‍රපටයක් නිර්මාණය කිරීම හේතුවෙන්ම නොවේ. එම ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයේ දෙමළ අනුවර්තන නිර්මාණය කිරීම හේතුවෙනි.

'නෙළුම් කුළුණ' හෙවත් Tentigo මෑතකදී එස්ටෝනියාවේ ටලින් නගරයේ 'බ්ලැක් නයිට්' සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය ලැබූ ශ්‍රී ලාංකික චිත්‍රපටයයි.
පවුලේ ප්‍රහසන නිර්මාණයක් ලෙස ගැනෙන සම්මානනීය චිත්‍රපටය දෙමළ භාෂාවෙන් නිර්මාණය වීමත් ඊයේ (14) එහි ප්‍රධාන පෝස්ටරය නිකුත් කිරීමත් සමග මෙය සිංහල චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් ලෙස 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබිණි. චිත්‍රපටය තෙලිඟු භාෂාවෙන්ද හඬකැවීමට නියමිතය.
වෛභව්, නිහාරිකා, සුනිල් සහ කරුණාකරන් ප්‍රධාන නළුවන් වන මෙය මේ වසරේ එළිදැක්වීමට නියමිතය. සංගීත නිර්මාණය අර්ජුන් රාජ්ගෙන් වන අතර සිනමාකරණය සත්‍ය තිලකම්ගෙනි.
නිෂ්පාදන දායකත්වය රාම්ගේ බිරිඳ වන හිරන්‍යා පෙරේරා සහ ඉන්දියානුවකු වන හර්මන් බවේජාගෙනි.
ඉතිහාසයේ සිටම වෙනත් භාෂිත චිත්‍රපටය ලාංකික නිර්මාණ ලෙස නිර්මාණය වුවද, සම නිෂ්පාදන ලෙස එළිදැක්වුවද ලාංකික නිර්මාණ අනුසාරයෙන් වෙනත් භාෂා කෙරෙන් සිනමා නිර්මාණ ඇති වූ බව හෝ දෙමළ භාෂාවෙන් නිර්මාණය වූ බව කියන අවස්ථා ඉතා අඩුය.
ධර්මසේන පතිරාජයන්ගේ දෙමළ සිනමා නිර්මාණයක් 'පොන්මනී' වැනි දෙමළ නිර්මාණද බිහි වූයේ ඉතා අල්ප වශයෙනි. ඒ අනුව ලාංකික සිනමාවේ කිසියම් ධනාත්මක වෙනසක් මෙන්ම චිත්‍රපට නිර්මාණකරුවන් අතර ඒකාබද්ධතාවක් මෙන්ම් උන්නතියක් ඇති වී තිබෙන බවක් මේ අනුව පෙනෙන්නට තිබේ.
දකුණු ඉන්දියාව, ඉතාලිය, දකුණු කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤයද චිත්‍රපටය ප්‍රතිනිර්මාණයට ගිවිසුම්ගත වී ඇති බව සහ කැමැත්ත පළ කළ ඇති බව වාර්තා වේ.
තම පියා මිය ගිය බවට පුතුන් දැඩි සේ ශෝකාකූල වුවත් පියාගේ සිරුරේ පුරුෂ ලිංගය සක්‍රීය බව දකින පුතුන්ගේ ශෝකය කලබලයක් වන අයුරු මෙහි කතා තේමාව වේ.

kemadasa

shungara

Back to top
Go to bottom