lan englan tam

පුවත්

අභිලාෂි රඟපාන සෝමරත්නයන්ගේ 'කපුටු කොහෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ 'සිංහබාහු' සිනමා නිර්මාණයෙන් ජනප්‍රිය වූ නවක නිළි අභිලාශි සන්තුෂ්කි රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණය 'කපුටු කොහෝ' සිනමා නාට්‍යයක් ලෙස නුදුරේදීම එළිදැක්වීමට නියමිතය.

ඉපැරණි කතාවක් සහ සොබාදහමේ සංසිද්ධියක් වන කපුටු කූඩුවේ කොහෝ බිත්තර දැමීම අලලා මෙම නිර්මාණය සිදු කිරීමට නියමිත වේ.
දේශීයත්වයට ප්‍රමුඛතාව සපයන නාද මාලා සහ එම ලක්ෂණ අන්තර්ගතව නිමැවීමට නියමිත මෙම නිර්මාණය සෝමරත්න දිසානායකයන් විසින්ම අධ්‍යක්ෂණය කරනු ලබයි.
මෙය සංගීතමය වේදිකාමය සිනමා නාට්‍යයක් වන මෙහි නිෂ්පාදනය රේණුකා බාලසුරියගෙනි.
අභිලාශි සමග මෙහි අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක හා ඩිලාන් සමරවික්‍රම රංගනයෙන් දායක වන අතර චිත්‍රපටය සිනමා ප්‍රදර්ශනය සඳහා නිකුත් කිරීමට නියමිතය.

Back to top
Go to bottom