lan englan tam

පුවත්

'හෙට අලුත් දවසක්' ගැන නිළියකගේ සතුට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේක මං බැලුවෙ ඊයෙ. මංජරී එවල තිබ්බෙ, මාත් ඉන්නව මේකෙ බලහං කියල.

ප්‍රියංකර රත්නායක පිටපත ලියල අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කරපු කෙටි චිත්‍රපටියක්.
ලංකාවෙ කාන්තාවන් දේශපාලනයට ඒමේදි තියෙන අභියෝග තේමා කරගත් නිර්මාණයක්. දන්න කියන නළු නිළියන්ගෙ පෙනුමෙ වෙනස නිසා නොවෙන්න ගැහැණු අපි එක මිටට වෙනුවෙන් ඊයෙ පෙරේද හදපු එකක් කියල හිතෙනවා එකපාරට. 
කොච්චර ඉස්සර කරපු එකක්ද කියල හිතාගත්තෑකි, සුජානි මේනකාලගෙ, ජගත් මනුවර්ණලගෙ, තුමිඳු දොඩන්තැන්නලගෙ, හැටි දැක්කාම. (අද වගේම එදත් ලස්සනයි, කඩවසම්) තිස්ස අබේසේකරත් ගරු රඟපෑමක් කරනවා. සුවිනීතා සුබසිංහ රඟපානවා දැක්කම සතුටක් දැනුණ. චන්ද්‍රා කළුආරච්චි, රෙබෙකා නිර්මලී, රමණි දමයන්ති, ප්‍රියංකර රත්නායක, නිරංජලා මංජරී ඇතුළු තව බොහෝ අය...
මානුෂීය වටිනාකම් ගමේ දේශපාලනයට අරන් එන, මැර දේශපාලනයට නිර්ප්‍රචණ්ඩ ප්‍රතිචාර දෙමින් අභියෝග ජයගන්න ශක්තිමත් ස්ත්‍රී නායිකාවගෙ චරිතය රඟන්නෙ රත්නා ලාලනී ජයකොඩි. 💜️💜️💜️💜️
ස්ත්‍රී දේශපාලනය ප්‍රබල බලවේගයක් හැටියට ඉස්සරහට ඇවිත් තියෙන අද වගේ කාලයක, "හෙට අලුත් දවසක්" බලද්දි සතුටක් දැනෙනවා.

නදී කම්මැල්ලවීරගේ සටහනකි

Back to top
Go to bottom