ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන
මෙරට විකාශනය වූ 'අධිරජ ධර්මාශෝක ' , ' ඇලඩීන්' ආදී ඉන්දීය ටෙලිනාට්‍ය වල ප්‍රධාන චරිත වලට පණදුන් 'සිද්ධාර්ත් නිගම්' ඊයේ ලංකාවට පැමිණ තිබේ.

ඔහු දින කිහිපයක නිවාඩුවක් සදහා පැමිණ ඇති අතර මේ වන විට ගාල්ලේ සංචාරය කරන අතර ඉහත දිනකදී සීගිරිය වෙත යාමේ බලාපොරොත්තුවෙන් සිටියි.

ඔහු Doom 03 , Kisi Ka Bhai Kisi Ki Jaan ,Chakravarthi Ashoka Samrat, Aladdin ආදී සිනමාපට හා ටෙලිනාට්‍ය වල රංගනයෙන් දායක වී ඇති අතර Indian telly award for best child actor ,ITA award, most promising child star, golden petal award for favorite actor යනාදී සම්මාන ඔහු ලබා ඇත.

ඔහු ලංකාවට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල සිට ගත් ඡායාරූපයක් හා තවත් ඡායාරූප කීපයක් මේ වන විට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කොට ඇත. මේ නිවාඩුව අවසන් කර ගොස් ඔහු නොබෝ කලකින් නැවත සිනමා නිර්මාණයක් සදහා මෙරටට පැමිණීමට නියමිතයි.