lan englan tam

පුවත්

මහාචාර්ය ආරිය රාජකරුණා දිවි ගමන නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දශක හතකට ආසන්න කාලයක් සාහිත්‍ය විචාරයෙහි සහ සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහි අඛණ්ඩ ව නිමග්න වෙමින් අමිල මෙහෙවරක් සිදු කළ මහාචාර්ය ආරිය රාජකරුණා මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත වූවා.

එතුමන් විසින් ජපන් සාහිත්‍ය කෘතීන් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් මෙරට පාඨකයන්ට ජපන් සාහිත්‍ය නිර්මාණ හඳුන්වා දීමට කළ සේවය සුවිශේෂයි.

විශේෂයෙන්ම ජපන් සිනමා කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දීමට මූලික වූ ලේඛකයින් අතරේ මහාචාර්‍ය ආරිය රාජකරුණා මහතා ප්‍රමුඛ තැනක් හිමි කර ගන්නවා.

ජපන් හයිකු කවියේ සිට කවබත යසුනරිගේ කෙටි කතා, රෂොමොන්, ඔශු යසුජිරෝගේ, තනිශකි ජුනිචිරෝගේ කෘති ආදිය, අසලියා මල්, අපායේ දොරටුව වැනි ජපන් සාහිත්‍ය කෘතීන් ගණනාවක්ම ඔහු සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙන්වා.

විශ්‍රාම ගන්නා තෙක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්‍ය වරයෙකු ලෙස කටයුතු කළ එතුමා ඊයේ අභාවප්‍රාප්ත වන විට අනූ දෙවැනි වියේ පසු වූවා.

kemadasa

shungara

Back to top
Go to bottom