lan englan tam

පුවත්

නිමල් අබේසිංහගේ නවතම ගවේෂණාත්මක කෘතිය "ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ එළිදකියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ මාධ්‍යවේදී  නිමල් අබේසිංහගේ නවතම කෘතිය වන "ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය" ඊයේ (06) දා එළි දක්වනු ලැබුවා.

මීට වසර කිහිපයකට පෙර මෙරට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ වෛද්‍ය සාෆි ගේ සිදුවීම පිළිබඳව විවරණය කරමිනුයි මෙම කෘතිය ලියැවී තිබෙන්නේ.

නිමල් අබේසිංහ සිය ගවේෂණාත්මක ජනමාධ්‍ය අත්දැකීම් සහ කතන්දර කීමේ ශෛලිය මුසු කරමින්, මෙම සංකීර්ණ සමාජ කතිකාවත ගැඹුරින් විමර්ශනය කරන මෙම ග්‍රන්ථය, ලාංකීය පාඨකයින් අතට පත්වුණු කාලීන විවරණයක් ලෙස දැක්විය හැකිය.

මෙම කෘතිය එළි දක්වන ලද අවස්ථාවට අදාළ සිදුවීමට මුහුණ දුන් වෛද්‍ය සාෆි සහ ඔහුගේ බිරිඳ ද සහභාගී වී සිටියා.

 

kemadasa

shungara

Back to top
Go to bottom