ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ 'කෑන්ස් සම්මාන උළෙල' (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් (24) දා ප්‍රංශයේ දී නිමාවට පත් වුණා.
එහිදි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි.
සම්මාන උළෙලේ විශිෂ්ඨතම සිනමා පටයට හිමි වන palme d'or සම්මානය හිමි වූයේ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂක Jafar Panahi විසින් නිර්මාණයක් වන It Was Just an Accident චිත්‍රපටය සඳහායි.
1.Palme d’Or සම්මානය - It Was Just an Accident චිත්‍රපටය
අධ්‍යක්ෂණය - Jafar Panahi

2.Grand Prize සම්මානය - Sentimental Value චිත්‍රපටය
අධ්‍යක්ෂණය - Joachim Trier

3.හොඳම නිළිය - Nadia Melliti (La Petite Dernière චිත්‍රපටය) 'The Little Sister'

4.හොඳම අධ්‍යක්ෂවරයා - Kleber Mendonça Filho (The Secret Agent චිත්‍රපටය)

5.ජූරි ත්‍යාගය – සම සම්මාන
- Sirat චිත්‍රපටය - අධ්‍යක්ෂණය Oliver Laxe
- The Sound of Falling චිත්‍රපටය - අධ්‍යක්ෂණය Mascha Schilinski


6.හොඳම තිර රචනය - Jean-Pierre සහ Luc Dardenne - Young Mothers චිත්‍රපටය වෙනුවෙන්
![]()
7.හොඳම නළුවා - Wagner Moura - The Secret Agent චිත්‍රපටය

8.විශේෂ ත්‍යාගය(special prize) - Resurrection චිත්‍රපටය - අධ්‍යක්ෂණය Bi Gan

9.Camera d’Or සම්මානය - The President’s Cake චිත්‍රපටය - අධ්‍යක්ෂණය Hassan Hadi





