පිලිපිනයේ පැවති ‘Miss Tourism Universe 2025’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ප්‍රධාන කිරුළ වන “Queen Of International Tourism” (ජාත්‍යන්තර සංචාරක රූ රැජින) කිරුළ දිනාගත් ආදිත්‍යා වැලිවත්ත අද (11) අළුයම දිවයිනට පැමිණියා.
ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 7/30 සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී මෙම තරගාවලිය පැවැත්විණි.
මෙම තරගාවලියේදී ආදිත්‍යා වැලිවත්ත මෙම ප්‍රධාන කිරුළ සමඟම ‘Best National Costume’ සහ ‘Best Photogenic’ යන කාණ්ඩවල කිරුළු දෙකද ජයග්‍රහණය කිරීමට සමත් වූවා.
මෙරට නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක ද වන ඇයව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ නිළධාරීන් සහ පවුලේ ඥාතීන් සහ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක මෙන්ම ජාතික පුහුණුකරුද වූ රුක්මල් සේනානායකද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියා.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවකදී කීර්තියක් අත්කර දුන් ආදිත්‍යා වැලිවත්ත හට අපගේ උණුසුම් සුභ පැතුම්.




