රාජ්‍ය ඡායාරූප උළෙල - 2017
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව 2017 වර්ෂයේදී දෙවන වරට සංවිධානය කරන රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ බාරගන්නා අවසන් දිනය 2017 මැයි 15 වනදා දක්වා දීර්ඝ කර ඇත.
තරඟ අංශ 5ක් යටතේ පැවැත්වෙන මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට සහභාගිවිය හැකිය. අවශ්‍ය අයදුම්පත් සහ තරඟ විස්තර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය. නැතහොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් බාගත (download) කරගත හැක.
විධිමත් ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් සමඟ අදාළ නිර්මාණ දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රාජ්‍ය ඡායාරූප ප්‍රවර්ධන අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාරදිය හැකිය.
නිර්මාණ බාරගන්නා අවසන් දිනය - 2017 මැයි මස 15
තරඟ අංශ
A. ජීවන රටා සහ සංස්කෘතිකාංග
B. සොබාදහම, වනජීවී සහ භූමිදර්ශන
C.ජනමාධ්‍ය, ප්රවෘත්ති සහ ක්‍රීඩා
D.මංගල අවස්ථා
E.විවෘත අංශය -
විමසීම් : රාජ්‍ය ඡායාරූප ප්‍රවර්ධන අංශය - 0114327597
අධ්යක්ෂ,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වන මහල, සෙත්සිරිපාය
බත්තරමුල්ල.