lan englan tam

පුවත්

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් දිවයිනට පැමිණෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නියෙලිනී ගෝලීය සමුළුවට සහභාගී වීමට ප්‍රවීණ ඉන්දීය කොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ප්‍රකාශ් රාජ් අද (07) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව නියෙලිනී ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහා ඔහු එක්වීමට නියමිතයි.

අද දින ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ පිළිගැනීම සඳහා ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘Father’ චිත්‍රපටියේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

නියෙලිනී සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සිට මහනුවරදී පැවැත්වෙන අතර , එම සමුළුව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටවල් 102 ක විද්‍යාඥයන්, ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන් මීට සහභාගි වන්නට නියමිතයි.

543122757 122267907434227235 5861403256115015159 n

544408532 122267907440227235 2395517511470712046 n

 

(ඡායාරූප උපුටා ගැනීම 'Tharindu Uduwaragedara' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom