lan englan tam

පුවත්

“මෝඩ තරිඳු” චිත්‍රපටය දවස් 23ක් තුළ හවුස්ෆුල් දර්ශනවාර 1000 ඉක්මවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ "මෝඩ තරිඳු" චිත්‍රපටය දවස් 23 ක් තුළ දිවයින පුරා හවුස්ෆුල් දර්ශනවාර 1000 කට අධික ප්‍රමාණයක් වාර්තා කිර්‍රිමට සමත් වී තිබෙනවා.

"මෝඩ තරිඳු" චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 10 වෙනිදා සිට වන අතර, මේ වන විට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

 

574274442 122230281038264753 8690161250210049194 n 1

 

සුර්යා දයාරුවන් ප්‍රධාන චරිතය නිරූපණය කරන"මෝඩ තරිඳු"  චිත්‍රපටයට,

කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින්.

කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.

 

මතු දැක්වෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම "මෝඩ තරිඳු" චිත්‍රපටය හවුස්ෆුල් දර්ශනවාර 1000 + ඉක්මවායාම පිළිබඳව සිය සතුට පල කරමින් එක්ක කරන ලද සටහනකි.

(උපුටා ගැනීම)

දවස් 23ක් තුල දිවයින පුරා දර්ශනවාර 1000කට අධික ප්‍රමාණයක් හවුස්ෆුල් කරවමින් "මෝඩ තරිඳු" නැරඹූ සුවහසක් ප්‍රේක්ෂක ඔබටත්, රිත්මා මණ්ඩලය ප්‍රමුඛ සියළුම සිනමා මණ්ඩල වලටත්, ප්‍රේක්ෂකයින් ට උපරිම සේවය සපයමින් වෙහෙස නොබලා සේවය කරන සිනමාශාලා හිමියන්ටත්, සේවක මහත්ම, මහත්මීන්ට ත්, සිය උපරිම මාධ්‍ය දායකත්වයක් ලබා දෙන සියළුම මාධ්‍යය ආයතන වලටත්, සමාජ මාධ්‍යයන් වල අප වෙනුවෙන් කතා කල, අකුරක් ලියූ, පිංතූරයක් ඇමුණූ සහෘද ඔබටත්, නීති විරෝධී ලෙස වීඩීයෝ ගත කරන්නන් නීතියේ රැහැනට හසු කර දීමට සහාය වන සැමටත්, සොමිය බෙදන්නට නන් අයුරින් සහාය දෙන හැමෝටමත්, "මෝඩ තරිඳු" අපේ කණ්ඩායමේ ආදරණීය ස්තූතිය මෙසේ පුද කරන්නෙමු.

 (උපුටා ගැනීම අවසන්)

සටහන - "Moda Tharindu" චිත්‍රපටයේ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

Back to top
Go to bottom