lan englan tam

පුවත්

ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය “බොම්බයි මොටයි” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘තාත්තා’, ‘තෙත් සහ වියළි’, ‘අරුංගල්’, ‘ජීවිතයේ එක් දවසක්’ වැනි ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් ස්පර්ශ කළ ටෙලි නාට්‍ය රැසකම අධ්‍යක්ෂකවරයා මෙන්ම,

‘විශම භාග’, ‘රිවස්ටන්’... වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය “බොම්බයි මොටයි” (Candy Floss) ළඟදීම රිදී තිරයට පැමිණෙන්නට සූදානම් බව වාර්තා වෙනවා.

මේ චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ ‘රහ විතරයි මුකුත් ඉතුරුවෙන්නෙ නෑ ..’යන අපූර්ව තේමා පාඨයෙන්.

සජිත අනුත්තර, උදාරි පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ආනන්ද කුමාරුන්නැහේ.. ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසකගේ රංගනයෙන් මෙන්ම සිනමාවට හඳුන්වාදෙන නවක රංගන ශිල්පිනියක් වන කෙනොලි සේනාරත්න චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චානක විමලසිරි සහ රෝෂිකා තෙන්නකෝන් විසින්.

ඉතින්, නුදුරේදිම “බොම්මයි මොටයි” චිත්‍රපටය ලඟම සිනමා ශාලාවේදී නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වනු ඇති.

“බොම්මයි මොටයි” චිත්‍රපටයේ සමනලී ෆොන්සේන්කා ගායනා කරන ‘නුරා කැළුමන්’ ගීතයට සවන් දෙන්න මෙතනින්. - Click Here

 

574563409 1151766816934681 1104530712894545626 n

kemadasa

Back to top
Go to bottom