lan englan tam

පුවත්

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව 9 වන ගුණ සමරුව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළයේ මහා ගාන්ධර්වයන් යන මැයෙන් විරුදාවලිය ලත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් දැයෙන් සමුගෙන වසර 9 ක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙන සංවිධානය කෙරෙනු ‘අමරදේව ආවර්ජනා’ ගුණ සමරුව,

ඊයේ (03) දිනයේ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය අචාර්ය සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පවැත්වුණා.

ගුණ සමරු උත්සවය ආරම්භ වූයේ අපේ ගම පරිශ්‍රයේ ඉදි කර ඇති අමරදේව අසපුවේ සුසානඝරය වෙත පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුවයි.

එහිදී, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් පණ්ඩිත් අමරදේව ගුණ සමරු දේශනය පවත්වන ලදි.

පස්වරුවේ ආචාර්ය රෝහණ වීරසිංහ අධ්‍යක්ෂණයෙන් අමරදේව ගීතාවලියක් ද ඉදිරිපත් විය.

මෙහිදී අමරසිරි පීරිස්, ජනනි පීරිස්, උද්දික ප්‍රේමරත්න, සුභානි අමරදේව, අසිත් චනුශ්ක අතපත්තු, ආශ්කා කුලතුංග, තනුර මධුගීත්, හිමාශ මනුප්‍රිය, අනුරාධා නන්දසිරි, පාලින්ද උඩවෙල ආරච්චි, ගිම්හාන කෝමංගොඩ.. ඇතුළු පිරිසක් ගීත ගායනය සදහා එක්විණි.

සහෘද ආමන්ත්‍රණය කැලුම් ශ්‍රීමාල්, බිම්සරා ප්‍රේමරත්න සමග චමින්ද ගුණරත්න විසින් සිදු කරන ලදී.

ගුණ සමරු උත්සනය සංවිධානය කළේ අමරදේව පදනම විසිනි.

මතු දැක්වෙන්නේ ‘අමරදේව ආවර්ජනා’ ගුණ සමරුව ගා අමරදේව ගීතාවලියක් ඉදිරිපත් වූ ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක්.

 

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11887-9-3#sigProId757c4d6e59

(ඡායාරූප මූලාශ්‍රය 'Hiniduma Sunil Senevi' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom