ලොව පිළිගත් අන්තර්ජාතික සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව ලැබූ තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින් 31වැනි කොල්කටා ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රධාන තරග අංශය වන (International Competition: Innovation in Moving Images)හි,
හොඳම අධ්‍යක්ෂණය උදෙසා වූ (Golden BENGAL TIGER AWARD FOR BEST DIRECTOR) සම්මානය ජයග්‍රහණය කිරීමට “Riverstone” සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක සමත් වූවා.
ඒ අද(13) පැවති උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයේදීයි.
වීඩියෝව නරඹන්න - Click Here


“Riverstone” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින් වන අතර ප්‍රභාත් රෝෂන් එහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා.
පසුගිය ජූනි මාසයේ පැවැති චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී ද “Riverstone” චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ටතම තිර රචනයට (Best Screenplay) හිමි සම්මානය ලලිත් රත්නායකද, විශිෂ්ඨතම කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානය ප්‍රභාත් රෝෂන් ද දිනා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්.
ලලිත් රත්නායක ඇතුළු චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදක කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.



