ලාංකේය චිත්‍රපට ක්ෂේත්‍රයට නව අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම නිෂ්පාදකවරයෙක් ගේ ආගමනය සනිටුහන් කරමින් අනිෂ්ක ජයසිංහගේ "Beginnings" චිත්‍රපටයේ මුහුරත් උළෙල,ඊයේ (13) දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම, රංගන ශිල්පීන්, කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී සහභාගී විය.
"Beginnings" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් පසන් රණවීර එක්වන අතර,
ඒ සමගින් තුමිඳු දොඩන්තැන්න, ඩිනාරා පුංචිහේවා, ටෙහානි චිට්ටි, හිදායක් හසීර්, ලක්ෂිත එදිරිසිංහ, තරුෂ කුමාරසිංහ, වරුන් සේතු, ශාලා අමරසූරිය, ට්‍රේසි ජයසිංහ මීට රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ලෙස චන්න දේශප්‍රිය කටයුතු කරන අතර, රේඛීය නිෂ්පාදනයෙන් - දමින්ද ඩී. මඩවල, සංස්කරණයෙන්- තිස්ස සුරේන්ද්‍ර, නිෂ්පාදන නිර්මාණකරණයෙන් - බිමල් දුෂ්මන්ත, සංගීත අධ්‍යක්ෂණය සහ ශබ්ද නිර්මාණය - චින්තක ජයකොඩි, සහය අධ්‍යක්ෂණය - රුෂාන් කුලතුංග, නිෂ්පාදන කළමනාකරණයෙන් - චාමර නුවන්ත, ඇඳුම් නිර්මාණයෙන් - භානු ප්‍රනාන්දු , වේශ නිරූපණයෙන් රාජිත දික්හින්න එක් වෙනවා.
"Beginnings" චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි.
මතු දැක්වෙන්නේ ඊයේ (13) පැවති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.











