lan englan tam

පුවත්

2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් ජයග්‍රහණය කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් සමත් වී තිබෙනවා.

ඒ අනුව තරඟකරුවන් 100 කට අධික සංඛයාවක් පරාජය කරමින් ඇය 74 වන විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළදීමට සමත් වූවා.

 

Top 52025 විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට තේරුණු තරඟකරුවන් 5 දෙනා (top 5)

 

තරගයේ පළමු අනුශූරතාවය දිනා ගත්තේ තායිලන්තය නියෝජනය කළ රූ රැජින වූ Praveenar Singh විසින් වන අතර, තෙවන ස්ථානය වෙනිසියුලා රූ රැජින වූ Stephany Abasali ට හිමි උනා.

පසුගිය වසරේ 73 වන විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් ඩෙන්මාර්කයේ Victoria Kjær Theilvig තරඟාවලියේ අවසන් තරඟයේදී ජයග්‍රාහිකාවට කිරුළු පළදවන ලදී.

 

Miss Mexicoෆාතිමා බෝෂ් 74 වන විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළදූ අවස්ථාව

මෙලෙස මෙක්සිකෝවට විශ්ව රූ රැජින කිරුළ නැවතත් හිමිවන්නේ වසර 5 ට පසුව වන අතර මීට පෙර 2020 වර්ෂයේදී ද විශ්ව රූ රැජින කිරුළ දිනාගැනීමට මෙක්සිකෝ ‘Andrea Meza’ සමත් විය.

 

කෙසේ වෙතත් මෙවර තායිලන්තයේ පැවැති 74 වන Miss Universe තරගාවලිය එහිදී ඇත්වූ මත්භේදාත්මක සිදුවීම් නිසා බොහෝ කතා බහට ලක් වූ අතර, එහිදී එක් අවස්ථාවක මෙවර කිරුළ දිනාගත් ෆාතිමා බෝෂ්ට තරගාවලිය අතරතුරදී තායි තරග අධ්‍යක්ෂකවරයෙකු බැන වැදීමක් නිසා ගැටළුකාරී තත්වයක් නිර්මාණය විය.

එමෙන්ම තරග විනිශ්චය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ඉන් ඉවත්ව යාම මෙන්ම ජැමෙයිකා තරගකාරිය වේදිකාවෙන් ඇදවැටී බරපතළ තුවාල ලැබීම වැනි සිදුවීම් ද කාගේත් කතා බහට ලක් වූ සිදු විම් විය.

 

 

kemadasa

Back to top
Go to bottom