lan englan tam

පුවත්

“මාරියා” චිත්‍රපටය අද (21) සිට දිවයින පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය අරඹයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය අද(නොවැම්බර් 21) සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීම් ආරම්භ වෙනවා

සම්පූර්ණයෙන්ම මහ මුහුදේ රූපගත කර ඇති “මාරියා” චිත්‍රපටයට රංගනයෙන් හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක දායක වී තිබෙනවා.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීම “මාරියා” චිත්‍රපටය සම්මානයට පාත්‍ර උනා.

Thriller ශානරයේ චිත්‍රපටයක් වන මෙය, ධීවරයින් හය දෙනෙකුගේ ජීවිතය, ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම් සහ මුහුදේ සැඟවුණු භීෂණය සමග ගෙතූ චිත්‍රපටය. ජීවිතය සහ මරණය අතර සටන, ඔවුන් මුහුදුබත්වන රහස... ඔබට කියනු ඇති.

 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය >>>

 

චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය ද අරුණ ජයවර්ධන විසිනි.

“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්. 

ඉතින් අද (21) සිට ඔබට ළගම සිනමා ශාලාවේදී 'මාරියා' නරඹන්නට ප්‍රේක්ෂක ඔබට එක් විය හැකියි.

 

"මාරියා" චිත්‍රපටයේ නිළ තේමා ගීතය නරඹන්න පිවිසෙන්න පහළින්>>

ගායනය: බිමල් ජයකොඩි රචනය: අංජලී බුදවත්ත ජයවර්ධන සංගීතය: මංගල ගලප්පත්ති සංස්කරණය: කසුන් චන්ද්‍රනාත් පතිරණ

 

kemadasa

Back to top
Go to bottom