අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වෙනවා.
සම්පූර්ණයෙන්ම මහ මුහුදේ රූපගත කර ඇති “මාරියා” චිත්‍රපටයට හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක රංගනයෙන් දායක වී තිබෙනවා.
තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීම “මාරියා” චිත්‍රපටය සම්මානයට ද පාත්‍ර උනා.
ගැඹුරු මුහුදේ මසුන් සොයා යන බෝට්ටුවක සිටින ධීවරයින් පිරිසක් සහ, මුහුද මැදදී ඔවුන්ට අහම්බයෙන් දක්නට ලැබෙන යම් භෞතික වස්තුවක් නිසා එම ධීවරයින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය >>>
චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය ද අරුණ ජයවර්ධන විසිනි.
“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්.
ඔබත් ළගම සිනමා ශාලාවේදී ත්‍රාසය, කුතුහලය පිරි සිනමා අත්දැකීමක් ඔබට පොරොන්දු වන “මාරියා” නරඹන්නට එක්වන්න.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප කිහිපයක්>>
https://mirrorarts.lk/news/11967-2025-11-22-08-17-44#sigProIda7b1437190



