මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දරගේ නවතම “Spying Stars” (සාංකා) චිත්‍රපටයේ ඉන්දියානු මංගල දර්ශය 56 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (IFFI)දී නොවැම්බර් 22 වන දින පැවැත්වුණා.
විචිත්‍රවත් රතු පළස මතින් උත්සවාකාරයෙන් පැවති මෙම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, නළු නිළියන් ඇතුළු පිරිසක් සහභගී වූවා.
විමුක්ති ජයසුන්දරගේ “Spying Stars” (සාංකා) චිත්‍රපටය මෙලෙස ඉන්දියානු මංගල දර්ශනය සඳහා එක්වන්නේ මීට පෙර දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනයෙන් පසුව වීමද විශේෂත්වයක්.
චිත්‍රපටයට, ඉන්දිරා තිවාරි ,සෞම්‍ය ලියනගේ ,කෞශල්‍යා ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වි තිබෙනවා.
යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරණ අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥ වරියක් වන ආනන්දි සිය පියාගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සඳහා හනුමාන් නැමැති දූපතට පැමිණෙන අතර එහිදී ඇයට මුහුණ දීමට සිදුවන සිදු වීම් සමුදායක් පසුබිම් කරගෙනයි මෙම චිත්‍රපටයේ කථාව නිර්මාණය වී තිබෙන්නේ.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>>
මතු දැකෙන්නේ පසුගියදා 56 ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (IFFI) දී චිත්‍රපටයේ ඉන්දියානු මංගල දර්ශනය අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.







