ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසුව තිබෙනවා.
පසුගිය දින කිහිපයේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ අතර අද (24) මුම්බායි පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය සිනමාවේ ශ්‍රේෂ්ඨතම නළුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1960 දී තිරගත වූ "දිල් බි තේරා හම් බි තේරේ" චිත්‍රපටයෙනි.
'අයි මිලාන් කි බෙලා’, ‘ෆූල් ඕර් පත්තර්’, ‘ආයේ දින් බහර් කේ’, ‘සීතා ඕර් ගීතා’, ‘රාජා ජානි’, ‘ජුග්නු’, ‘යාදොන් කි බරාත්’, ‘දෝස්ත්’, ශෝලෙයි, 'ධරම් වීර්', 'චුප්කේ චුප්කේ' වැනි අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.
2012 වසරේදී, ඉන්දීය රජය විසින් ඔහුට ඉන්දියාවේ තෙවන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම භූෂණ (Padma Bhushan) සම්මානය පිරිනැමීය.
ධර්මේන්ද්‍ර අවසන් වරට පෙනී සිටියේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිටි සැනොන් රඟපෑ Teri Baaton Mein Aisa Uljha Jiya සිනමා පටයේයි.
ඔහු රංගනයෙන් එක් වූ අවසන් චිත්‍රපටය "Ikkis" එළඹෙන දෙසැම්බර් 25 තිරගත වීමට නියමිතයි.



