හොලිවුඩ් හා යුරෝපීය සිනමාවේ අමතක නොවන චරිත රැසකට පණ පෙවූ ප්‍රවීණ ජර්මානු නළුවෙකුවූ උඩෝ කියර් (Udo Kier) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගිය ඉරිදා ඔහුගේ අභාවය සිදුව ඇති අතර මිය යන විට ඔහු 81 වන වියේ පසු උනා.
සිය සිනමා දිවිය තුළ චිත්‍රපට 200 ට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති ඔහු කලාත්මක සිනමාව තුළද වඩාත් ප්‍රකට විය.
උඩෝ කියර් ප්‍රථම වරට cult චිත්‍රපට වල සුවිශේෂී ජනප්‍රියත්වයක් අත්කර ගන්නේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Paul Morrissey අධ්‍යක්ෂණය කළ Andy Warhol ගේ නිෂ්පාදනයක් වූ Frankenstein' (1973) සහ 'Blood for Dracula' (1974) චිත්‍රපට වලිනි.
උඩෝ කියර් 'Blood for Dracula' (1974) චිත්‍රපටයේ
ඉන්පසු කියර්ගේ සිනමා දිවිය තුළ Gus Van Sant, Lars von Trier වැනි සුප්‍රකට අධ්‍යක්ෂක වරුන්ගේ චිත්‍රපට සමග සම්බන්ධ වීමත් සමග නව හැරවුමක් සනිටුහන් විය. විශේෂයෙන්ම ඩැනිෂ් චිත්‍රපට අධ්‍යක්ෂක Lars von Trier ගේ ප්‍රධාන චිත්‍රපට වූ 'Europa', 'Breaking the Waves', 'Dancer in the Dark', 'Dogville', 'Melancholia' and 'Nymphomaniac: Vol. II' වැනි චිත්‍රපට වල ඔහු පෙනී සිටියේය.
ඉන් පසු 90 දශකයේදී නැවතත් වාණිජ හොලිවුඩ් චිත්‍රපට රැසක සහය චරිත නිරූපණයෙන් ඔහු එක්වූ අතර 'Ace Ventura: Pet Detective', 'Armageddon','Blade'..වැනි චිත්‍රපට එහිදී ප්‍රධාන වේ.
උඩෝ කියර් ‘Ace Ventura: Pet Detective (1994) චිත්‍රපටයේ



