ලොව පිළිගත් අන්තර්ජාතික සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව ලැබූ තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින්,
ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" (Riverston) සිංහල චිත්‍රපටය පසුගියදා ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවති ‘31 වන කොල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී’ (KIFF)සම්මානයට පාත්‍ර විය.
එහිදී හොඳම අධ්‍යක්ෂණය උදෙසා වූ (Golden BENGAL TIGER AWARD FOR BEST DIRECTOR) සම්මානය ලලිත් රත්නායකට හිමි වූ අතර, චිත්‍රපට නිෂ්පාදනය කළ ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ මෙම සම්මානය ඉන්දියාවේදී ලබා ගනිමින් මෙරටට රැගෙන එන ලදී.
මෙම ජාත්‍යන්තර සම්මානය ඇගයීම පිණිස, ඊයේ (25) දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව අතින් මෙම සම්මානය අධ්‍යක්ෂ ලලිත් රත්නායක වෙත නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, සහ සංස්ථා නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහභාගී විය.
එමෙන්ම විශේෂ ආරාධිතයින් ලෙස චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලලිත් රත්නායක, නිෂ්පාදක හා කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන්, රංගන ශිල්පීන් වන රන්දික ගුණතිලක සහ ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු කලාකරුවන් හා මාධ්‍යවේදීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
මූලාශ්‍රය ජාතික චිත්‍රපට සංස්ථාවේ 'NFC- Film Culture' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.



