චත්‍ර වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ “ආයු” චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වී සාර්ථක දින 50 පසු කර තිබෙනවා.
“ආයු” චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 2 වන දා සිට වන අතර මේ වන විට අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද චිත්‍රපටය තිරගත වෙනවා.
ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවක් අන්තර්ගත මේ චිත්‍රපටයට,
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන අතර, ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුළු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක් වී තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ දයා රත්නායක හා යසස් රත්නායක විසින්.
ප්‍රේක්ෂක ඔබට දැන් ළඟම සිනමා ශාලාවේදී “ආයු” චිත්‍රපටය නරඹන්නට එක් විය හැකියි.
පහතින් දැක්වෙන්නේ පසුගියදා “ආයු” චිත්‍රපටයට දින 50 සම්පූර්ණ වීම සමරමින් Scope Cinemas Havelock City Mall සිනමා ශාලාවේ පැවති “ආයු” චිත්‍රපට දර්ශනය සමග චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන්, නළු නිළියන්, සහෝදර කලාකරුවන්, ප්‍රේක්ෂකයන් එක්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.
ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැක.
https://casite-737679.cloudaccess.net/news/11986-50-14#sigProIdf94db17044




