ගෝත්ර” මෑතකදී සිනමා තිරය මත දිගහැරුණු චිත්රපටයකි. එය රාජ් රණසිංහයන්ගේ අධ්යක්ෂණයකි. “ගෝත්රා” චිත්රපටයේ විවිධ චරිත අතරින් වෙනස් හැඩයක් ගත් චරිතයක් ලෙස “කළු මංඤ්ඤ”ගේ චරිතය හඳුන්වා දීමට හැකිය. “කළු මංඤ්ඤ” යනු ගෝත්රයක සිටින නපුරු පුදගලයෙකි. එයට පණ පණවූයේ රංගන ශිල්පී ජයන්ත ඇකුරැස්සයි.
ඔහු රංගනයට අවතීර්ණ වන්නේ පාසල් කාලයේ සිටය. පසුව රංගනයට තිබූ ලැදියාව නිසාම රංගනය ගැන හැදෑරීමට යොමුවිය. ඉන්පසු ඔහු ටෙලි නාට්ය සහ චිත්රපටවලට දායක වෙමින් රංගන ශිල්පියකු ලෙස කලා ක්ෂේත්රයට පිවිසියේය.
ගෝත්රා” චිත්රපටය ඔහුගේ රංගන ජීවිතයේ කඩඉමකි. ඒ පිළිබඳව ඔහු සරසවියට මෙසේ අදහස් දැක්වීය.
මම කලාවට හරිම ප්රිය කරන කෙනෙක්. රංගනයට තිබූ උනන්දුව නිසාම හලාවත ශෂිකලා රංගන ආයතනයට ඇතුළත් වුණා. එහිදී නාට්ය හා රංගකලාව හැදෑරුවා. එම පාඨමාලාව හැදෑරීමෙන් පසුව තමයි ක්ෂේත්රයට පිවිසුණේ.
ක්ෂේත්රයට මම මුලින්ම පිවිසියේ රංගන ශිල්පියෙක් විදියට. මට මුලින්ම රංගනයට ආරාධනාවක් ලැබුණේ මගේ මිත්රයෙකුගේ මාර්ගයෙන්. ඔහුත් කලා ක්ෂේත්රයේ නියැළී සිටින කෙනෙක්.
මම මේ වනවිට ටෙලිනාට්ය කිහිපයක සහ සිනමා නිර්මාණ කිහිපයක රංගනයෙන් දායක වී තිබෙනවා. “බිනරමලී”, “කාසිවත්ත”, “මෝදරවැල්ල”, “රෝසකටු”, “අකඩවාරිය” වැනි ටෙලිනාට්යවල රංගනයෙන් දායක වුණා. එසේම සිංග මචං චාලි , දෙවෙනි වරම ප්රවේගය, ඒයා තමයි මෙයා පරපුර වැනි චිත්රපටවලත් රංගනයෙන් දායක වී තිබෙනවා. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක් තිරගත වීමට නියමිතයි.
මේ අතරින් “ගෝත්ර” චිත්රපටයට ආරාධනා ලැබීම ගැන මම හරිම සතුටු වුණා. ඒ වගේ චිත්රපටයකට දායක වීමට ලැබීම ලොකු අවස්ථාවක් වගේම වාසනාවක්. මම මෙහි රංගනයෙන් දායක වන්නේ ප්රධාන චරිතයක් වන “කළුමඤ්ඤ” ලෙසයි. එය වෙනස් ආකාරයක නපුරු චරිතයක්. ගෝත්රික පරම්පරාවක් තුළ ගොඩනැගුණු ආදර සම්බන්ධතාවයකට විරුද්ධව ක්රියා කරන නපුරු පුද්ගලයෙක් තමයි “කළුමඤ්ඤ” කියන්නේ. මා ඒ චරිතයට බොහොම කැපවීමෙන් දායක වුණා. “ගෝත්රා” චිත්රපටයේ අධ්යක්ෂ රාජ් රණසිංහ මහතාගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා මගේ චරිතය නිසි ආකාරයෙන් ගොඩ නඟා ගැනීමට. ඒ වගේම මම රංගනය ගැන හදාරා තිබූ නිසා එය මගේ රංගනයට මහත් රුකුලක් වුණා.
-sarasaviya -




