“මතක මැයි” ටෙලි චිත්‍රපටයට පස්සේ කරපු නිර්මාණ මොනවද?
“මතක මැයි” ටෙලි චිත්‍රපටයට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. සෑහෙන පිරිසක් ටෙලි චිත්‍රපටය නරඹලා තිබුණා. ඊටපස්සේ “කළු සුදු ඉරි අතර අපි” කියලා ටෙලි චිත්‍රපටයක් කළා. එහි කතාව වුණේ මිනී පෙට්ටි සාප්පුවක කතාවක්. ඊටපස්සේ “ආයෙමත් අපි” කියලා චින්තක කුලතුංග, උදයන්ති කුලතුංග, චින්තක පීරිස් සමඟ එකතු වෙලා ටෙලි චිත්‍රපටයක් කළා. ඒක ලස්සන ආදර කතාවක්.
ඔබේ අදහසට අනුව නිර්මාණයක් කරන්න පෙර තිර පිටපතක් තෝරා ගන්නේ කොහොමද?
පොඩි කාලේ ඉඳන් මං ෆිල්ම් බලන්න කැමතියි. ෆිල්ම් බලන එක පුරුද්දක් වෙලා තිබුණා. මම කතාවත් තෝර ගනිද්දී හිතන්න පුළුවන් මට මේක මිනිස්සුන්ට දෙන්න පුළුවන් හරියටම කියන එක. තිර පිටපත කියවද්දි තේරෙනවා. දැනෙනවා. කියවගෙන යද්දී ඇහැට පොඩි කඳුළක් එනවා නම් හරි තමයි.
ටෙලි චිත්‍රපටයක් කියලා කියන්නේ මොකක්ද?
ඉතාම කෙටි කාලයකින් වැදගත් යමක් ප්‍රේක්ෂකාගාරයට සන්නිවේදනය කිරීම තමයි ටෙලි චිත්‍රපටයකින් වෙන්නේ. සාමාන්‍ය දීර්ඝ ටෙලි නාට්‍යයක් සති ගණනක් බලා ඉන්න වෙනවනේ. ඊළඟ කතාංගය එනතෙක් බලන් ඉන්න වෙනවා. ටෙලි චිත්‍රපටයක් බලන් ඉන්න එකේ වාසිය තමයි කෙටි කාලයකින් කතාව නිමාවීම. මම නිර්මාණය කරපු “පහන් දොර” ටෙලි චිත්‍රපටය ලක්ෂ හතරක් බැලුවා. ටෙලි චිත්‍රපටයකින් ආට් වැඩ කරන්න පුළුවන් පුළුවන්. එක පහසුයි. මට ඇත්තටම අවශ්‍ය මිනිස්සුන්ට දැනුම යහපත් පණිවිඩයක් ලබා දෙන එක මගේ නිර්මාණ හරහා.
ඔබේ මේ කලා ගමනට එන්න උදව් කරපු පුද්ගලයන් කවුද ?
තිස්ස ගුණවර්ධන සර් උදව් කළා. වසන්ත ඥානප්‍රිය අයියා, ප්‍රියන්ත කොළඹගේ. ලලිත් රත්නායක විරාජ් වැලිවත්ත, චාමර ජයවීර, දමිත්, ජීවන්ත සහ මගේ ඛ්ඡ්ර්ණ, චෙයාමන් දෙන්නම උදව් කළා.
මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සුන්දරයි. මගේ නිර්මාණවලින් සමාජයට පණිවිඩයක් දෙන එක හරිම සතුටුදායක මොහොතක්. ඒ වගේම මම කරන නිර්මාණ සම්මාන උලෙළවල්වලට නිර්දේශ වීම සහ සම්මාන හිමිවීම ගැනත් ඉතාම සතුටුයි.
-sarasaviya -




