බටහිර ජර්මනියේ සංවිධාන කර තිබූ රොක් සංගීත සැණකෙලියක් ත්රස්ත තර්ජනයක් නිසා අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
රොක් ඇම් රින්ග් ලෙස හඳුන්වන මෙම සංගීත සැණකෙලියේ 30 වන සංවත්සරය මේ වසරට යෙදී ඇති අතර, එය ආරම්භවීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදියි.
ඒ සඳහා 85,000කට අධික පිිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරුණා.
එහෙත් සංගීත උළෙල ආරම්භවීමට සුළු මොහොතකට පෙර ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස පැමිණ සිටි පිරිසට දැනුම්දීමක් සිදුකෙරුණා.
ඒ, ත්රස්ත තර්ජනයක් පවතින බව ප්රකාශ කරමින්.