ඊයේ දිනයේදී අප අතරින් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මරණයට පත්වන අවස්ථාව වනවිට රෝහල් බිල රුපියල් 2500000 පමණ වී තිබෙන අතර මෘත ශරීරය පවුලේ අය විසින් නිදහස් කරගෙන තිබෙන්නේ මාසයක් ඇතුළත එය පියවන බවට නවලෝක රෝහල් අධිකාරිය ලිඛිතව පොරොන්දු කර ගෙන බව සදහන් වෙනවා .
බිල් පතක් රෝහලට ගෙවීමට ඔහුගේ සොයුරියට දැන් ඉතා අපහසු තත්වයක් පවතින බවත් ඒ සඳහා උපකාර අවශ්‍ය බවත් ගායක ගායිකා සංගමයේ සභාපති ගායක කීර්ති පැස්කුවල් සිය ෆේස් බුක් පිටුවේ සඳහනක් කරමින් දන්වා තිබෙනවා.
එම සටහන පහතින්
ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්....
අප අතරින් වියෝ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් අද දින රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇතුලත ගෙවන ලිකිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.
වසර දෙකක කාලයක් තුල එතුමාගේ සොයුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කල පරිත්‍යාගයන් වලින්.
අද දවසේ උදෑසන ප්‍රින්ස්ගේ බෙහෙත් වේල ලබා ගැනීම සඳහා ෆාමසියට යන ඇයට බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප වන්නේ බිල නොගෙවීමේ හේතුව මතයි. නමුත් කරැණික කලමණාකාර මහතෙකුගේ මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල දෙන්නට හැකිවුනා.
ඒ මොහොතේ සොහොයුරියක් ලෙස ඇය කෙතරම් අසරණ වන්නට ඇත්ද.
බොහෝ ආර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය...
මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝගය බලාපොරොත්තු වෙයි.
ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.
ශිරෝණි ප්‍රියංගිකා
ගිණුම් අංක- 8103017799
කොමර්ෂල් බැංකුව ඇල්පිටිය ශාඛාව.
මෙම සටහන තුලින් ප්‍රින්ස් ප්‍රතිකාර ලබා ගත් රෝහල කිසියම් අසාධරනයක් කල බවක් ප්‍රකාශ නොකරන අතර ප්‍රින්ස් ප්‍රතිකාර ලබාගත් කාලය තුල ඔහු වෙනුවෙන් බොහෝ සහන රෝහල විසින් ලබාදුන් බව වැඩි දුරටත් සඳහන් කරමි.
කීර්ති පැස්කුවල්
ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමය.